විමුක්ති එස් රුද්‍රිගු
මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු මෙම වසරේ පළමු මාස 5 තුළදී රුපියල් බිලියන 478.6 ක මුදලක් පෞද්ගලික අංශයට ණය ලෙස ලබාදී ඇති බවත්, පසුගිය මැයි මාසයේදී පමණක් රුපියල් බිලියන 133 ක මුදලක් ණය ලෙස පෞද්ගලික අංශයට ලබාදී ඇති බවත් මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
2024 වසරේ පළමු මාස 5 තුළදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ණය ලෙස ලබාදී තිබුණේ රුපියල් බිලියන 71.5 ක් පමණි.
මෙම වසරේ අප්‍රේල් මාසයේදී මෙරට වාණිජ බැංකු පෞද්ගලික අංශයට රුපියල් බිලියන 71 මුදලක් ණය ලෙස ලබාදී තිබූ අතර, එයට සාපේක්ෂව පසුගිය මැයි මාසයේදී පෞද්ගලික අංශයට ලබාදී ඇති ණය ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. මැයි මාසයේදී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදී ඇති ණය ප්‍රමාණය ඉහළ ගියත් රාජ්‍ය අංශයට ලබාදී ණය ප්‍රමාණය පහළ ගොස් තිබේ.
පසුගිය මැයි මාසයේදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු රාජ්‍ය අංශයට රුපියල් බිලියන 53 ක මුදල් ප්‍රමාණයක් ණය ලෙස ලබාදී තිබිණි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළමු මාස පහේදී වාණිජ බැංකු පෞද්ගලික අංශයට දුන් ණය රුපියල් බිලියන 478.6 ක්