IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක්

රංජන් කස්තුරි 

මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක් උපයාගෙන ඇතැයි සුරා බදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා පැවසීය. සුරා බදු දෙපාර්තමේන්තුව මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 4200 ක සුරා බදු ආදායමක් අපේක්ෂා කළද එය විශාල ලෙස ඉක්මවා ගොස් රුපියල් කෝටි 6100 ක ඉහළ බදු ආදායමක් එකතු කරගැනීම ජයග්‍රහණයකැයිද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

එම විශාල සුරාබදු ආදායම එකතු කර ගැනීම සඳහා වසර මුල සිටම විශේෂ සැලැස්මක් ක්‍රියාවට නැංවූ බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය. ඒ අනුව නීති විරෝධී මත්පැන් වැටලීම් වැඩි කළ අතර බදු නොගෙවා හොර පාරෙන් වෙ‍ළෙඳපොළට මත්පැන් පැමිණීම වැළැක්වීම සඳහාා ආරක්ෂණ ක්‍රියාවලිය දැඩි කළ බවද හෙතෙම සඳහන් කළේය.

මත්පැන් බෝතල්වල නිෂ්පාදිත දිනය හා සංකේත හඳුන්වා දීම සිදුකළ අතර එකතු නොකළ සුරා බදු එකතු කිරීම සඳහා නිලධාරීන් දිරිමත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවද හෙතෙම සඳහන් කළේය. වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීම සහ දූෂණ අවම කරගැනීමට රජයේ තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් කරන වැඩපිළිවෙළට RAMIS පද්ධතිය හඳුන්වාදීම සිදුකළ බවද උදය කුමාර පෙරේරා මහතා කීවේය.

නීති විරෝධී මත්පැන් වැටලීමේ ක්‍රියාවලියට ඇතැම් පිරිස් වලින් බාධා පැමිණෙන බවක් දක්නට ලැබෙන නමුත් ඊට දේශපාලන අධිකාරියෙන් කිසිදු සහායක් නොලැබීම සුවිශේෂ දෙයකැයිද හෙතෙම කීවේය. සුරාබදු දෙපාර්තමේන්තුව 2025 වසරේ දී රුපියල් කෝටි 24200 ක ආදායම් ඉලක්කයක් ලබා ගැනීමේ අරමුණෙන් දීප ව්‍යාප්ත මෙම නව සැලැස්ම ක්‍රියාත්මක කරන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කීය.

 



අදහස් (0)

පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site