වට්ටක්කා අස්වනු නෙළා වෙළෙඳාමට ගෙන යෑම සඳහා පිරිසුදු කරන අයුරු
වී වගාවට යන වියදමට වඩා වැඩි මුදලක් එළවළු ගොවියට යොදන්න සිදුවෙනවා
කිසිම සහනාධාරයක් රජයෙන් ලැබෙන්නේ නැහැ
වීවලට වගා හානි දුන්නට කිසිම සහනයක් එළවළු වගාව වෙනුවෙනුත් ලැබෙන්නෙ නැහැ
බිම සකස් කරන්න, පැළ සිටුවන්න, වතුර දාන්න, පෝර දාන්න, වල් නෙළන්න, කෘමි නාශක යොදන්න මේ සෑම දේකටම මුදල් වැය කරනවා
ඉස්සර පෝර මිටියක් රුපියල් 1,500යි. දැන් රුපියල් 9,000ක් 10,000ක් වෙනවා
වෙළෙඳපොළේ පොහොර නැහැ
වී ගොවිතැනට ලබා දෙනවා කිව්ව පොහොර සහනයවත් තවම අපට ලැබුණේ නෑ
සඳලංකාව හේමලතා ඩී. හේවගේ
උඩරට එළවළු මෙන්ම පහත රටද එළවළු වගාවේ නිරතවන ගොවියන් විශාල පිරිසක් පොහොර මිල සහ එම වගා සඳහා භාවිත කරන කෘමි නාශක ද්‍රව්‍ය මිල අධික වීම හේතුවෙන් ගැටලු රැසකට මුහුණ පාන බව ඔවුහු ගොවීහු පවසති.
රජය වී ගොවිතැන සඳහා පමණක් පොහොර සහනාධාර ලබා දී ඇති බවත් තමන් විසින් සිදු කරනු ලබන මෙම එළවළු වගාවටද එම සහනාධාරය ලබා නොදෙන්නේ මන්ද යන්න පිළිබඳව ඔවුහු බලධාරීන්ගෙන් විමසා සිටිති.
වී ගොවිතැනට මෙන්ම එළවළු ගොවිතැනට ද පොහොර බෙහෙත් ඇතුළු අනෙකුත් වියදම් ඒ ආකාරයෙන්ම යෙදීමට සිදුවන බවත් වී ගොවියාට ලබා දෙන පොහොර සහනාධාරය එළවළු ඇතුළු අනිත් භෝග වගාවලටද ලැබිය යුතු බවත් ඔවුහු පෙන්වා දෙති.
පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙල්පල්ල, ඉදිමින්න, මාකඳුර ඇතුළු ප්‍රදේශ රැසක මෙම පහත රට එළවළු වගාව සාර්ථකව සිදුකරනන අතර එම ගොවීහු මෙම පොහොර සහනාධාරය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූහ.
වෙල්පල්ල ඉදිමින්න ප්‍රදේශයේ එළවළු වගාවේ නිරතවන එච්. ඩී. ලංකා ප්‍රභාත් මහතා පොහොර සහනාධාරය සම්බන්ධයෙන් පැවසුවේ මෙවන් අදහසකි.
මම වසර 20 කට වැඩි කාලයක සිට මේ එළවළු වගාවේ නිරත වෙනවා. වී වගාවට වගේම අපිත් මේ එළවළු වගාවට නියමිත පොහොර කෘමි නාශක ද්‍රව්‍ය ඇතුළු සියල්ලම යොදන්න ඕනෑ පැළය හිටවපු දවසේ ඉඳලා අස්වැන්න නෙළලා අවසන් වෙනකන් ඒ කර්තව්‍ය නිසි ආකාරයෙන් සිදුකළ යුතුයි. එහෙම බලනකොට වී වගාවට යන වියදමට වඩා වැඩි මුදලක් එළවළු ගොවියට යොදන්න සිදුවෙනවා. එහෙත් අපිට කිසිම සහනාධාරයක් රජයෙන් ලැබෙන්නේ නැහැ.
වී වගාවට වගේම අපේ එළවළු වගාවටත් ස්වාභාවික විපත් සිදුවෙනවා. වීවලට වගා හානි දුන්නට අපිට කිසිම සහනයක් ඒ වෙනුවෙනුත් ලැබෙන්නෙ නැහැ. අපි රජයට කියන්නේ පොහොර සහනාධාරය මේ එළවළු වගාවටත් ලබා දෙන්න කියලයි.
වෙල්පල්ල ප්‍රදේශයේ පදිංචි එම්. ඩී. රණතුංග මහතාද අදහස් දක්වමින් මෙසේ පැවසීය.
එළවළු ගොවිතැන කියන්නේ දැන් අපේ රස්සාව. ඒකෙන් ලැබෙන ආදායමෙන් තමයි අපි ජීවත් වෙන්නේ. උදේ ඉඳන් හවස් වෙනකන් ඔය ගොවිතැනත් එක්ක තමයි ඔට්ටු වෙන්නේ. බිම සකස් කරන්න, පැළ සිටුවන්න, වතුර දාන්න, පෝර දාන්න, වල් නෙළන්න, කෘමි නාශක යොදන්න මේ සෑම දේකටම මුදල් වැය කරනවා.
එහෙත් ස්වාභාවික ආපදාවක් ආවොත් අර වියදම් කරපු මුදල් සියල්ලම අපතේ. අපි ණයකාරයෝ වෙනවා. පොහොර මිල අධිකයි. කෘමි නාශක ද්‍රව්‍යවල මිලත් ඒ වගේම තමයි. ඉස්සර අපි පෝර මිටියක් රුපියල් 1,500 ගත්තට දැන් රුපියල් 9,000ත් 10,000 අතර මිලකටයි ඒක ගන්න වෙන්නේ. එකට තුනක් හතරක් වැඩි වෙලා. ඒ වගේම සේවක කුලියත් ඉහළ ගිහිල්ලා.
සමහර අවස්ථාවලදී අවශ්‍ය වෙලාවට පොහොර ටික යොදන්න විදිහක් නැහැ. වෙළෙඳපොළේ පොහොර නැහැ. ගොවියට අවශ්‍ය පොහොර ටික ලබා දෙන්න, ඒ පොහොර සහනය ලබා දෙන්න රජය කටයුතු කරනවා නම් ඒක ගොඩක් වටිනවා.
වයි. එම්. විජේසේන මහතා ද පොහොර සහනාධාරය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
වී ගොවිතැනට ලබා දෙනවා කිව්ව පොහොර සහනයවත් තවම අපට ලැබුණේ නෑ. මොකද අම්පාර ප්‍රදේශයේ කුඹුරු වැඩ කරන වෙලාවට නෙමෙයි අපි කුඹුරු වපුරන්නේ. ඒ පළාතේ ගොවිතැනට අවශ්‍ය ජල සම්පාදනය නිසි වෙලාවට ලැබෙනවා. අපිට මෙහේ එහෙම ජල සම්පාදන ක්‍රමයක් නැහැ. අපි කුඹුරු වගේම අනෙකුත් වගා කටයුතු කරන්නේ වර්ෂා ජලයෙන්. ඒක නිසා අම්පාරට පෙර අපි වපුරනවා. අපේ ගොවිතැනටවත් වෙලාවට පොහොර සහනය නෑ.
එළවළු ගොවිතැනටත් ඒ තත්වයම තමයි. මේ ප්‍රදේශයේ පහත රටේ එළවළු වගාකරන ගොවියන් විශාල පිරිසක් සිටිනවා. ඔවුන් බොහෝ විට මෑකරල්, පතෝලා, වැටකොළු, කරවිල ඇතුළු එළවළු වර්ග වගා කරන්නේ වී වගා කරපු කුඹුරුවල නියරවල. වී ගොවි තැනට වගේම එළවළු ගොවිතැනටත් වගාවට අවශ්‍ය පොහොර සහනාධාරය ලබා දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ.
නියරවල වගා කර ඇති එළවළු
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
පහත රට එළවලු වගාවට කුඩම්මාගේ සැලකිලිද?