කලින් දිනයේ සිදුවූ වාර්තාගත පසුබෑම එක දිනයක් තුළ ආවරණය කරගන්නට සමත් වූ කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (ජූනි 24) ගනුදෙනුවලදී සැලකිය යුතු ප්‍රගතියක් සනිටුහන් කළේය. මධ්‍යහ්නය දක්වා ගනුදෙනු ඉතා ඉහළ උනන්දුවක පැවැති අතර, එක්තරා අවස්ථාවක සියලු කොටස් මිල දර්ශකය ඒකක 510 කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි. එහෙත් දිනයේ අවසාන පැය තුළ විකිණීමේ ප්‍රවණතාවක් පැවැතිණ. වෙළෙඳපොළ සම්බන්ධ විශ්වාසය හා ලාබ ඉපැයිය හැකි තත්වය ආයෝජන අංශවල අවධානය දිනාගෙන ඇත.
ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,191.20 ක් වූ අතර, එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 425.80 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,133.90 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 142.70 වර්ධනයක්සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,209.51 ක් විය. කොටස් මිලියන 235.0ක් හුවමාරු වූ බව දැක්වේ. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 24,449 කි. සමාගම් 251 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණු සමාගම් ගණන 13 කි. දිනය තුළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 151 ක වර්ධනය කැපී පෙනේ.
විදේශීය ගනුදෙනු සහභාගීත්වය සලකා බලන පසු තරමක සක්‍රීයභාවයක් තිබුණු අතර, විකිණීමේ ගැනීමේ ප්‍රවණතාවක් විය. මිල දී ගැනීම් රුපියල් මිලියන 153.8 ක් වූ අතර, විකිණීම් රුපියල් මිලියන 195.1 කි. ජනශක්ති රක්ෂණ සමාගම කොටසකට රුපියල් පහක ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇත. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ගෙවන ලාභාංශ රුපියල් 16.60 ක් බව දැක්වේ. සියපත ෆිනෑන්ස් රුපියල් මිලියන තිහක ණයකරයක් නිකුත් කර ඇත.
ජෝන් කීල්ස් රුපියල් මිලියන 323ක්, පෑන් ඒෂියා රුපියල් මිලියන 238ක්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් රුපියල් මිලියන 208 ක්, හැටන් නැෂනල් ෆිනෑන්ස් රුපියල් මිලියන 207 ක්, සම්පත් රුපියල් මිලියන 193 ක්, ඩිප් ප්‍රඩක්ට් රුපියල් මිලියන 189 ක්, හේලීස් රුපියල් මිලියන 144 ක්, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 140 ක්, වැලිබල් වන් රුපියල් මිලියන 138 ක්, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 136 ක්, ඩී.එෆ්.සී.සී. රුපියල් මිලියන 126 ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රුපියල් මිලියන 119 ක්, එල්.වී.එල් එනර්ජි රුපියල් මිලියන 118 ක්, පෑන් ඒෂියා පවර් රුපියල් මිලියන 111 ක් සහ රීල් ප්‍රොපටි රුපියල් මිලියන 108 ක් වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1074
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පසුබෑම ආවරණය කරගෙන කොටස් වෙළෙඳාම ඉදිරියට