IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පොසොන් පොහොය දිනයට කලින් වාර්තා අලුත් වේ

පොසොන් පොහොය නිවාඩුවට කලින් ගනුදෙනුවලදී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක නැවත වාරයක් ශක්තිමත් වූ අතර ඒකක 17,500 පසු කිරීම විශේෂත්වයකි. අද දිනයේ නැවත වතාවක් ගනුදෙනු සක්‍රීය විය හැකිය. ජූනි 08 දා ගනුදෙනුවලදී පිරිවැටුම අඩු නමුත් මිලදී ගැනීමේ උනන්දුව කැපී පෙනිණ. මෙදින ගනුදෙනුවලදී පෙරවරු 10-12 අතර කාලයේදී පසුබෑමක් සනිටුහන් වූ නමුත් පසුව එය ආවරණය කරගෙන ඉදිරියට ගිය බව දැක්වේ.
ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,500.24 ක් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 105.79 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,208.95 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 33.00 පිබිදීමක් සේ වාර්තා වේ. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 25,239 කි. සමාගම් 151 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණු සමාගම් ගණන 85 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 2,851.99 ක් විය. කොටස් මිලියන 121.8 ක් හුවමාරු වූ බව දැක්වේ. 
විනිමය හා සුරැකුම් කොමිසම සමාගම් කිහිපයකට සිය මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කරන ලෙස අවවාද කර තිබුණි. කොටස් හිමියන්ට සිය සමාගම්වල වෙනස්කම් සහ විශේෂයෙන් කාර්තුවක් පාසා සමාගමේ මූල්‍ය වාර්තා දැන ගැනීමට සැලැස්විය යුතුය. විදේශ සහභාගිත්වය තවමත් දුර්වලය. මිල දී ගැනීම් රු. මිලියන 87.4 ක් වූ අතර විකිණීම් රු. මිලියන 106.3 ක්ව තිබුණි. රටට සිදුවූ අවාසිය රු. මිලියන 19.3 කි. 
එල්.වී.එල්. එන්ජි ෆන්ඩ් රු. මිලියන 151 ක්, පෑන් ඒෂියා රු. මිලියන 116 ක්, ඇලුමෙකස් රු. මිලියන 110 ක්, සිංගර් ෆිනෑන්ස් රු. මිලියන 110 ක්, කෝල්ඩ් ස්ටෝර්ස් රු. මිලියන 77 ක්, ලංකා මිල්ක් ෆුඩ් රු. මිලියන 74 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 72 ක්, ඩයලොග් රු. මිලියන 72 ක්, හේලීස් රු. මිලියන 66 ක්, ලංකා ඇලුමීනියම් රු. මිලියන 65 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 63 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 61 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 59 ක්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් රු. මිලියන 56 ක් සහ වැලිබල් වන් රු. මිලියන 52 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වූ අවස්ථා දැක්විය හැකිය.

නිරීක්ෂක



අදහස් (0)

පොසොන් පොහොය දිනයට කලින් වාර්තා අලුත් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 48 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1558 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site