පොල් කර්මාන්තයේ උපාය මාර්ගික වැදගත්කම
ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය, රටේ සංස්කෘතික උරුමය, ග්‍රාමීය දිවි පෙවෙත සහ ආහාර සුරක්ෂිත බව සමග ගැඹුරට මුල් ඇදගෙන ජාතික ආර්ථිකයේ මුල් ගලක් මෙන් පවතින්නකි.
හෙක්ටයාර් 409,000කට වඩා බිම් ප්‍රමාණයක් වසාගෙන වසරකට පොල් ගෙඩි බිලියන තුනකට ආසන්න ගණනක් නිෂ්පාදනය කරන්නා වූ මෙම අංශයෙන් සෑහෙන තරම් රැකියා සම්පාදනයත් ග්‍රාමීය ප්‍රජා ස්ථායීකරණයත්, වටිනා විදේශ විනිමය උත්පාදනයත් කරනු ලබයි. 2024 වර්ෂයේදී පමණක් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 856ක් පොල්වලින් සහ පොල් මත පදනම් වූ නිර්යාතයන්ගෙනුත් උත්පාදනය කරනු ලැබුවේ ගෝලීය වශයෙන් පොල් කිරි සහ පොල් ක්‍රීම් අපනයනය කරන අංක එකේ අපනයනකරුවා ලෙස එයට හිමි ප්‍රමුඛත්වය ආරක්ෂා කර ගනිමිනි. ශ්‍රී ලංකාව කොහු අපනයනය සම්බන්ධයෙන් දෙවැනි ස්ථානයත්, කපාපු පොල් අපනයන සම්බන්ධයෙන් තුන්වැනි ස්ථානයත් ගෝලීය වශයෙන් ආරක්ෂා කරගෙන සිටී.
කෙසේ වුවද මෙම ජාත්‍යන්තර සාර්ථකත්වය යට සෝචනීය යථාර්ථයක් පවතී. කර්මාන්තයේ කොඳු නාරටිය සකස් කරන්නාවූ පොල් වගාකරුවන්, විශේෂයෙන් කුඩා පොල්වතු හිමියන්, දෝෂ සහගත මිල නියම කිරීමේ යාන්ත්‍රණයක් ඔස්සේ ක්‍රමානුකූලව කොන් කිරීමට ලක්කොට ඇත. 2024දී අපනයන ආදායම් යම් තරමක් ඉහළ නැගීමක් පෙන්නුම් කළ ද දීර්ඝකාලීන ප්‍රවනතාව ඔස්සේ පැවසෙන්නේ වෙනත් කතාන්තරයකි. 2021 පටන් ඩොලර් මිලියන 836 සිට 2022දී ඩොලර් මිලියන 817 දක්වාද 2023දී තවදුරටත් ඩොලර් මිලියන 709 දක්වාද ඉපයුම් පහත වැටී තිබේ. ගෝලීය ඉල්ලුම වෙනස්වීම ඔස්සේ යම් කාර්යභාරයක් ඉටු වුවද, ඊට මූලික වූ හේතු මෙරට තුළ කේන්ද්‍රගතවූ අකාර්යක්ෂමතා වලින් පොල් සංවර්ධන අධිකාරියේ අධික්ෂණය යටතේ පවතින දෝෂ සහගත වෙන්දේසි ක්‍රමය තුළත් ගැඹුරට මුල් බැසගෙන ඇත.
බිඳීගිය වෙන්දේසි යන්ත්‍රණය
ආරම්භයේදී විනිවිද පෙනෙනසුළුභාවය හා මිල තරගකාරිත්වය අරමුණු කොට මෙම ක්‍රමය ගොඩනැගුවද දැන් එය අතලොස්සකට වාසි සලසන වරප්‍රසාදයක් බවට පරිනාමය වී තිබේ. 2021 සිට 2024 වර්ෂය දක්වා නිල වෙන්දේසි යාන්ත්‍රණය හරහා ගොස් ඇත්තේ රටේ ජාතික පොල් අස්වැන්නෙන් සියයට එකටත් අඩු ප්‍රමාණයකි. 2021දී වෙන්දේසිය හරහා අලෙවි වී තිබෙන්නේ ජාතික නිෂ්පාදනයෙන් සියයට දශම .75ක් තරම් වූ පොල් ගෙඩි මිලියන 22.5ක සංඛ්‍යාවකි. එම සහභාගිත්වය 2022දී සියයට 1.31 දක්වා යම්තමින් ඉහළ නැගුණු මුත් 2024 දී සියයට දශම හයයි හත (0.67%) දක්වා නැවත ඇදවැටිණි.
රටේ පවතින පොල් ඉඩම්වලින් සියයට 90කට වඩා හිමිකම් කියන බහුතර කුඩා පොල් වතු හිමියෝ, මූලික වශයෙන් සම්පාදන, මූල්‍ය හා පරිපාලන බාධක නිසා මෙම වෙන්දේසිවලින් ඉවත්ව සිටිති. කුරුණෑගල, ගම්පහ සහ පුත්තලම වැනි ප්‍රධාන නිෂ්පාදන දිස්ත්‍රික්කවල වැවිලිකරුවන්ට ඉහළ පරිමාණ වියදම, දුර්වල යටිතල පහසුකම්, දැඩි නිලධාරීවාදය, වෙෙළඳපොළ තොරතුරු නිසි ලෙස නොදැකීම නිසා මෙම ක්‍රමයට ප්‍රවේශ විය නොහැකිය. එම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස නිසි විකල්පයක් නොමැතිව ඉතා අඩු මිලක් ලබාදෙන අතරමැදියන්ට අලෙවි කිරීමට ඔවුන්ට සිදුවේ.
රජයෙන් පවත්වාගෙන යන අකාර්යක්ෂම වතුවලින් එවන පොල් උදෙසා, එම වතුවලින් වෙන්දේසියේ ආධිපත්‍ය පවත්වා ගැනීමේ ගැටලුවද මීට එක්වේ. මෙම පොල් ගුණාත්මක අතින් පහළ තත්ත්වයේ ඒවා වුවද ජාතික වශයෙන් මිල සලකුණු වන්නේ මේවායිනි. කුඩා පොල් වතු හිමියන් නිෂ්පාදනය කරන ඉහළ ශ්‍රේණියේ පොල් අවතක්සේරුවට භාජනවීම නිසා මෙහිදී සිදුවන්නේ වෙළෙඳපොළ විකෘතියකි. පොල් ගෙඩියක වෙන්දේසි මිල රු. 80-100 අතර එහා මෙහා යන අතර, කොළඹ පොල් ගෙඩියක සිල්ලර මිල රු. 150-200 තරම් වේ. මෙම මිල වෙනස තුළින් අතරමැදියන් කරන සූරාකෑමෙන් ගොවිපොළ මිල තවදුරටත් පහත වැටීම සාධාරණීකරණය කරනු ලැබීම හේතුවෙන් වගාකරුවෝ අඩු මිල ලැබීම හා මූල්‍ය අසීරුතා විඳීම යන දුෂ්ඨ චක්‍රයකට ඇද වැටෙති.
මෙම විෂමතාව බදුවලට හෝ පරිවහන වියදම්වලට තනිකර පැවරිය නොහැකිය. ඒ තුළින් සැපයුම් දාමය තුළ පවතින දැඩි අකාර්යක්ෂමතාවකුත්, අයුතු ලාබ ලැබීමකුත් හෙළිදරව් වේ. පොහොර, ඉන්ධන, ශ්‍රමය උදෙසා යන යෙදවුම් මිල කෙමෙන් ඉහළ යෑම හේතුකොට ගෙන ඇතැම් කුඩා වතු හිමියෝ දැඩි අරගලයක යෙදී සිටිති. ඔවුන් කර්මාන්තය හැර යන්නටද ඉඩ තිබේ.
සමහරු මේ වනවිටත් තම නිෂ්පාදනය අඩුකොට හෝ මුළුමනින්ම මෙම අංශය හැර ගොස් සිටිති. එය මෙම කර්මාන්තය දීර්ඝකාලීන තිරසාර බවට දැඩි තර්ජනයක් ඇති කරන තත්වයකි.
වෙන්දේසි ක්‍රමයේ පාලනය කේන්ද්‍රගතවී තිබෙන්නේ බ්‍රෝකර්වරුන් කිහිප දෙනකුගේ හස්තය තුළයි. ඔවුන් බොහෝ සෙයින් මහා පරිමාණ සැකසුම්කරුවන්ට සම්බන්ධ අය වෙති. ඒ අයගේ බලයෙන් මිල හැසිරවීම් හැකියාව අසමතුලිත බවට පත්කොට තරගකාරිත්වයට බලපෑම් එල්ල කරනු ලබයි. ගොවීන් විසින් මිල අඩුවීම් නිසා නිරන්තරයෙන්ම කරනු ලබන පැමිණිලිවලට නොපැහැදිලි සාධාරනීකරණයන්ය. මිලදී ගැනුම් පමාවීම් හෝ වෙෙළඳපොළ සීමාකරණයත් හේතුවෙන් එසේ මිල අඩුවූ බව කියා සිටීම හේතුවෙන් ඔවුනට වෙනත් ක්‍රියාමාර්ගයකට එළඹිය නොහැකි වේ.
මහේශාඛ්‍ය අතරමැදියන් ලෙස ක්‍රියාකරවාටත් වඩා අතරමැදියන් කටයුතු කරන්නේ ලාභයෙන් මෙහෙයවුණු දොරටුපාලයන් ලෙසය. සමානුපාතික නොවන වටිනාකමකට ඔවුන් අයිතිය කියා සිටින්නේ සියලු අවදානම් සහගතභාවයන් වැවිලිකරුවන්ට අවශෝෂණය කර ගන්නට ඉඩ හරිමිනි.
අනෙකුත් වෙළෙඳ භාණ්ඩවලින් උගෙනීම
වඩාත් සාධාරණ බවකින් හා කාර්යක්ෂම බවකින් මෙහෙයුම් සිදුවන ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන වෙෙළඳ භාණ්ඩ සමග සසඳා ගැනීම මෙහිදී කළ හැකිවේ. උදාහරණයකට තේ කර්මාන්තයට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ප්‍රමිතීන් සමග තේ වෙන්දේසි විධිමත් ලෙස සම්බන්ධවී තිබේ. රබර් මිල නියම කිරීමේ දර්ශකය බැංකොක් හි සහ සිංගප්පූරුවේ ගෝලීය මට්ටමේ විනිවිද පෙනෙනසුළුභාවය හා සම්බන්ධ වී තිබේ. මෙම මොඩලවලින් ගුණාත්මක බව ප්‍රවර්ධනය වීම, විනිවිද පෙනෙනසුළු බව තහවුරු වීම නිෂ්පාදකයන්ට වඩාත් හොඳ වටිනාකම් ලබාදීම් ඔස්සේ සිදුවේ.
කෙසේ වුව පොල් වෙන්දේසි ක්‍රමය තුළ ඇත්තේ විනිවිද නොපෙනෙන සුළු, වැවිලිකරුවන් සහ ආර්ථිකය පුළුල් කිරීමේ අපේක්ෂාවන් අසාර්ථකත්වයට ඇදහෙළන යල් පැනගිය ස්වභාවයකි. වෙන්දේසියේ අඩු මිල තීරණයවීම දේශීය පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට හේතුවේ යැයි රජය ඇතුළු ඇතැම්හු තර්ක කරති. මෙම සාධාරණිකරණ දෝෂ සහගත වනුයේ නිරන්තරයෙන් ඉහළ සිල්ලර මිල ගණන් පවතිද්දී ගොවිපොළේ ආදායම පහත වැටෙන බැවිනි. දැනට පවතින ව්‍යුහයෙන් යථාර්ථයේදී වාසි ලබන්නේ අතරමැදියන්, බ්‍රෝකර්වරුන් සහ මහා පරිමාණ ගැනුම්කරුවන්ය. අර්ථවත්, ප්‍රතිසංස්කරණයකින් තොරව ග්‍රාමීය ආදායම් කප්පාදු කරමින්, ගෝලීය පොල් කර්මාන්තයේ ශ්‍රී ලංකාවේ තරගකාරී බව පහත හෙළෙන මෙම අසමතුලිතතාව නොකඩවා පවතින්නේය.
ප්‍රතිසංස්කරණයට මග
මෙම ප්‍රතිසංස්කරණයන් කඩිනමින් කළ යුතු වන අතර ඒවා කළ හැකිය. පොල් සංවර්ධන අධිකාරිය, කුඩා පොල්වතු හිමියන්ගේ සමුපකාර ලියාපදිංචි කිරීම වඩාත් සරල බවට පත්කොට නිලධාරීන්වාදයේ බාධාවන් ඉවත් කොට සහභාගිත්වය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමට කඩිනම් පියවර ගත යුතුය. ප්‍රාදේශී වෙන්දේසි මධ්‍යස්ථාන ගොඩනගා ඩිජිටල් වේදිකා සකස් කිරීම පරිමාණ අසීරුතා ඉහිල් කිරීමටත් ප්‍රවේශය පුළුල් කිරීමටත් උපකාරී වේ. ගොවිපොළ මිල, තොග මිල සහ අපනයන මිල ගණන් ඇතැම් මිල තොරතුරු පුළුල් ලෙස ප්‍රසිද්ධ කිරීමෙන් විනිවිද පෙනෙන සුළු බව ශක්තිමත් කළ යුතුවේ.
වෙන්දේසි ක්‍රමය තුළ විශ්වාසය නැවත ස්ථාපිත කිරීම උදෙසා බ්‍රෝකර්වරුන් ඇතුළත් කිරීම් හෙළිදරව් කිරීම අවශ්‍ය වීම, කොමිස් මුදල්, මිල පිළිවෙත් හෙළිදරව් කිරීම ඉතා වැදගත්ය. ඒ අතරම වැඩිදියුණු කළ සම්පාදනයත්, පුහුණු කිරීම්, වඩාත් සාධාරණ කොන්දේසි ඔස්සේ තරග කිරීමට පසු අස්වනු යටිතල පහසුකම්වලින් වගාකරුවන් බලගැන්විය යුතුය.
ගුණාත්මක බවත් ඉහළ පොල් සැපයුමකින් වඩාත් ඵලදායි කාර්ය කොටසක් ඉටු කළ හැකිවේ. සහතික කරනු ලැබූ සමාගම් සමග සෘජුව සම්බන්ධ වී සෘජුවම ප්‍රසම්පාදන මිල ගණන් ප්‍රසිද්ධ කිරීමෙන් විනිවිද නොපෙනෙන තැරැව්කරුවන්ගේ ජාල රටාව මත රඳා පැවැත්ම අවම කිරීමටත් විනිවිද පෙනෙන සුළු සදාචාරාත්මක සැපයුම්දාමයන් පෝෂණය කිරීමටත් උපකාරී වේ.
සාධාරණ වෙළෙඳ හා තිරසාර සහතික කිරීමේ වැඩසටහනක් යොදා ගැනීම මගින් නිෂ්පාදනයේ ගුණාත්මක බවත් දීර්ඝකාලීන සැපයුම් සුරක්ෂිතතාවත් මෙන්ම ගෝලීය
වෙෙළඳපොළේ සන්නාම ගරුත්මය ශක්තිමත්වීමත් ඉහළ යනු ඇත.
රජයේ කාර්යභාරය නොසලකා හැරිය නොහැකිය. වගවීම, මිල ප්‍රමිතිකරණය තහවුරු කිරීම උදෙසා වෙන්දේසි හරහා අලෙවි කිරීමට රජයෙන් කළමනාකරණය වන වතුවලට හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස රජයට ලැබෙන අපනයන ආදායම යොදවා අකාර්යක්ෂමතා ඉවත් කිරීම සහන සැලසිය හැකිය. යටිතල පහසුකම්, නවෝත්පාදන හා නවීකරණ වැවිලිකරුවන්ගේ සුබසාධනය උදෙසා ආයෝජන කරනවාට වඩා කළ යුත්තේ එවැන්නකි.
ශක්තිමත්, විශ්වාසදායි පරිපූර්ණ වෙන්දේසි මාදිලියත් වාසිය සලසන්නේ නිෂ්පාදකයන්ට පමණක් නොවේ. එයින් රජයේ මූල්‍ය ආදායම්වල තත්වයත් ක්‍රමෝපායි අරමුණු ආදියත් වාසි සහගත තත්වයකට පත් කෙරේ.
මූලික නිෂ්පාදකයන් මුහුණපාන අසමානතා නොසලකා හැර ශ්‍රී ලංකාවට පොල් සම්බන්ධ ගෝලීය ප්‍රමුඛතාව අඛණ්ඩව පවත්වාගත නොහැකිය. වෙන්දේසි ක්‍රමය දැනට පවතින තත්වයේ පැවතුනහොත්, මිල විකෘතිවීම, නිෂ්පාදනය අධෛර්යවත් වීම හා විශ්වාසය පළුදු වීම නිසා සිදු වන්නේ යහපතක් නොව හානියකි. ප්‍රතිසංස්කරණ යනු හුදෙක් ප්‍රතිපත්තිමය තේරීමක් නොව එය ජාතික අවශ්‍යතාවකි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පොල් කර්මාන්තයට ප්‍රතිසංස්කරණ