
නිමල කොඩිතුවක්කු
පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා පිහිටි පරිශ්‍රවල තෝරාගත් ස්ථාන සංචාරක ආකර්ෂණය ඇති කිරීමේ අරමුණින් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය විසින් සිදු කළ ශක්‍යතා අධ්‍යයනයක නිර්දේශ මත පදනම්ව හරිත සංචරණය (Eco Tourism), කෘෂි සංවරණය (Agro Tourism), , සුවතා සංචරණය (Wellness Tourism) සහ සංරක්ෂණය පදනම් කර ගත් සංචරණය (Conservation based Tourism) වැඩිදියුණු කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින්, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ තෝරාගත් ස්ථාන 04ක් සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන ලෙස සංවර්ධනය කිරීම පිණිස හඳුනා ගනු ලැබ ඇත.
එමෙන්ම, සෙවනගල සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රයේ පිහිටි ස්ථාන කිහිපයක් සංචාරක ආකර්ෂණය ඇති කිරීමේ අරමුණින් සංවර්ධනය කළ හැකි බවට හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව සහ සෙවනගල සීනි කර්මාන්තශාලාව පිහිටි පරිශ්‍රයන් තුළ තෝරාගත් ස්ථාන සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන බවට පත් කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ ව්‍යාපෘති 2ක් ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැල්වත්ත - සෙවනගල සීනි කර්මාන්ත ශාලා සංචාරක ආකර්ෂණයට සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්