මෑත භාගය තුළ වේගයෙන් වර්ධනය වූ කොටස් හුවමාරුව පරෙස්සමෙන් ස්ථාවර ස්ථානයක් කරා ගමන් කරන බවක් නිරීක්ෂණය කළ හැකිය. පසුගිය මාසයේ අග සති දෙක තුළ පෙන්නුම් කළ මෙම ප්‍රවණතාව මෑත දින ගණනාවක ගනුදෙනුවල දී සනාථ කර තිබේ. සති පනස් දෙකක් ඇතුලත ඉහළම මිලක් පෙන්වන ලද සමාගම් ගණන විසි අටකි. එකම සමාගමක හෝ මිල ගණන් සති පනස් දෙකක කාලය තුළ අවම අගයක් වාර්තා නොකිරීම තුළ ඉල්ලුම හොඳින් පවතින බව අනාවරණය කරයි. කෙසේ වෙතත් එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකයට අයත් සමාගම්වල ගනුදෙනු වේගය තරමක් අඩාල වී තිබේ. ඉදිරි සතිවල දී යළිත් සක්‍රීය වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
සියලු කොටස් මිල දර්ශකය (අගෝ. 11) ඒකක 19,923.02 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 96.45 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,824.91 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 0.48 ක සුළු පහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 3.14 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 29,759 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 105.89 ක් විය. සමාගම් 124 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 128 කි.
දිනයේ මැද භාගයේ දී පසුබෑමකට පත් වෙළෙඳපොළ පසුව වඩා ඉල්ලුමක් සහිත සාමාන්‍ය උච්ඡාවචනයකට පත්විය. ඉසුරුමත් සමාගම්වල කොටස් ඉල්ලුම දිනයේ ගනුදෙනුවල දී ද අඩු වීමක් වාර්තා කර ඇත.
ප්‍රයිම් ලෑන්ඞ් රෙසිඩන්ට් රු. මිලියන 162 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 114 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 113 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 96 ක්, සෙලාන් බැංකුව නිෂ්ඡන්ද රු. මිලියන 83 ක්, පෑන් ඒෂියා බැංකුව රු. මිලියන 83 ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රු. මිලියන 82 ක්, කාර්ගිල්ස් රු. මිලියන 63 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
571
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරෙස්සමෙන් ස්ථාවර කොටස් සංස්කෘතියකට