IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පරිසර හිතකාමී කර්මාන්ත සවිබල ගැන්වීමට NDB බැංකුවෙන් “E-Friends II” ප‍්‍රතිමූල්‍යකරණ ණය යෝජනා ක්‍රමයක්

ආර්ථික සවිබල ගැන්වීම සහ පරිසර සංරක්ෂණය සඳහා ඇති කැපවීම පෙරදැරි කරගනිමින්, NDB බැංකුව කර්මාන්ත අමාත්‍යාංශය සමග එක්ව “E-Friends II” ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත. මෙම යෝජනා ක්‍රමය තිරසාර හා පරිසර හිතකාමී ක්‍රියාකාරකම් සඳහා මූලිකත්වය දෙමින් සිය ව්‍යාපාර සංවර්ධනය කර ගැනීම සඳහා සහාය වීමේ අරමුණින් නිර්මාණය කර ඇති මූල්‍ය පහසුකමකි.

ශ‍්‍රී ලංකාව පරිසර හිතකාමී අනාගතයක් වෙත ගමන් කරන විට, වගකිව යුතු නිෂ්පාදන සහ පිරිසුදු කාර්මික පිළිවෙත් සඳහා ඇති ඉල්ලුම කිසිදා නොවූ විරූ තරම් ඉහළ ගොස් තිබේ. ඊට ප‍්‍රතිචාර වශයෙන්, “E-Friends II” ප‍්‍රතිමූල්‍යකරණ ණය යෝජනා ක්‍රමයෙන් සියයට 6.5 ක ආකර්ශනීය අවම වාර්ෂික පොලී අනුපාතයකට ව්‍යාපාරිකයන්ට මූල්‍ය සහාය ලබා දෙන අතර, එමගින් ව්‍යවසායකයන්ට පරිසර දූෂණය අවම කරමින්, සම්පත්වල කාර්යක්ෂමතාව වැඩි කරන සහ දිගුකාලීන පරිසර සංරක්ෂණ සඳහා දායක වෙමින් තිරසාර තාක්ෂණය සහ භාවිතයන් සඳහා ආයෝජනය කිරීමට හැකියාව ලැබේ.

සුදුසුකම් සපුරන ව්‍යවසායකයන්ට රුපියල් මිලියන 30 ක් දක්වා ණය මුදල් ලබාගත හැකි අතර, වසර 10 ක් දක්වා දීර්ඝ ආපසු ගෙවීමේ කාලයක් සහිතව, පරිසර හිතකාමී ලෙස තම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ව්‍යාපාරවලට නම්‍යශීලීභාවය සහ කාලය ලබා දෙයි. ඔබ ඔබේ ව්‍යාපාරය පරිසර හිතකාමී ලෙස, නිෂ්පාදන ක්‍රම වැඩිදියුණු කිරීමට හෝ බලශක්ති ඉතිරි කිරීමේ යන්ත‍්‍ර උපකරණවල ආයෝජනය වැනි ව්‍යාපාරික කටයුතු සඳහා මෙම යෝජනා ක්‍රමය යටතේ ඔබේ ව්‍යාපාර ඉලක්ක ඉදිරියට ගෙන යන අතරම පරිසරය ආරක්ෂා කිරීමට උපකාරී වන වටිනා මූල්‍ය ආධාරයක් ලබා දෙයි.

E-Friends II ප‍්‍රතිමූල්‍යකරණ ණය යෝජනා ක්‍රමය පරිසර හිතකාමී ව්‍යාපාර කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කළ පුළුල් පරාසයක මුලපිරීම් සඳහා සහාය වෙයි.

කාර්මික දූෂණය සහ හානිකර වායු විමෝචනය අවම කිරීම, පිරිසුදු නිෂ්පාදන තාක්ෂණය සහ ක්‍රියාවලි හඳුන්වා දීම, අපද්‍රව්‍ය වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සහ සම්පත් කාර්යක්ෂමතාව ප‍්‍රවර්ධනය කිරීම, බලශක්තිය ඉතිරි කිරීම සහ පුනර්ජනනීය බලශක්ති විසඳුම් අනුගමනය කිරීම.

මෙම යෝජනා ක්‍රමය දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, මධ්‍යම වෙළෙඳපොළ සහ ව්‍යාපාර බැංකුකරණ උප සභාපති ඉන්දික රණවීර මහතා මෙසේ පැවසීය. “මෙම පහසුකම හරහා අපි ශ‍්‍රී ලාංකික ව්‍යාපාර වඩාත් තරගකාරී ව්‍යාපාර බවට පත් කිරීම පමණක් නොව, වඩාත් වගකිව යුතු ව්‍යාපාර ආයතන බවට පත්වීමට ද, හැකියාව ලබා දෙයි. E-Friends II ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමය මගින් කර්මාන්තකරුවන්ට තම මෙහෙයුම් කටයුතු අනාගතයට සරිලන පරිදි ජාතික පාරිසරික ඉලක්කවලට දායක වීමට පහසු මාර්ගයක් සපයයි. NDB බැංකුව ආර්ථික වර්ධනය සහ තිරසාරභාවය යන අංශ දෙකටම ප‍්‍රමුඛත්වය දෙන මූල්‍ය හවුල්කරුවකු ලෙස සේවය කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු,

සිය පාරිභෝගිකයන් කේන්ද්‍ර කොටගත් බැංකුකරණ කටයුතුවලට සමගාමීව, NDB බැංකුව මෙම ණය පහසුකම් ඉල්ලීම් කිරීමේ සිට ණය ආපසු ගෙවීම දක්වා ණය ක්‍රියාවලිය පුරාවටම විශේෂඥ උපදේශන සේවා සහ සම්පූර්ණ සහාය ලබා දෙයි. බැංකුවේ පුළුල් ශාඛා ජාලය සහ කැපවූ නිලධාරීන් මගින් දිවයින පුරා සිටින ව්‍යාපාර හිමියන්ට ඔවුන්ගේ තිරසාර ව්‍යාපාරික අභිලාෂ සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන බවට සහතික කරයි.

 



අදහස් (0)

පරිසර හිතකාමී කර්මාන්ත සවිබල ගැන්වීමට NDB බැංකුවෙන් “E-Friends II” ප‍්‍රතිමූල්‍යකරණ ණය යෝජනා ක්‍රමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17689 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 732 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site