IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ප්‍රංශ - ශ්‍රී ලංකා ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමට අත්සන් කෙරේ

විමුක්ති එස් රුද්‍රිගු
ප්‍රංශයට මෙරටට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ද්වී පාර්ශ්වික ගිවිසුමට ශ්‍රී ලංකාව සහ ප්‍රංශය පසුගියදා අත්සන් තැබූ බවත් ණය ගිවිසුමට අත්සන් තැබීමේ නිල උත්සවය කොළඹදී පෙරේදා (16) පැවැත්වුණු බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (17) ප්‍රකාශ කළේය.
ද්වී පාර්ශ්වික ණය ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අත්සන් තැබූ බවත් ප්‍රංශ ජනරජය වෙනුවෙන් බහු පාර්ශ්වික කටයුතු, වෙළෙඳ හා ප්‍රතිපත්ති සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහාකාර ලේකම්, භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජනරාල් විලියම් රූස් මහතා අත්සන් තැබු බවත් මුදල් අමාත්‍යාංශය පැවැසුවේය.
ශ්‍රී ලංකාව සහ ප්‍රංශය ණය ගිවිසුමකට අත්සන් තැබීම මෙරට බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සන්ධිස්ථානයක් පසු කිරීමක් බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එමගින් මෙරට ණය තිරසරභාවය යථා තත්වයට පත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගීමට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට හැකියාව ලැබෙන බවද මුදල් අමාත්‍යංශය පැවැසුවේය.
ජපානය සහ ඉන්දියාව සමග මෙරට නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිත්වය දරමින් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට නායකත්වය ලබාදීමේදී ප්‍රංශය වැදගත් කාර්ය භාර්යයක් ඉටුකර තිබෙන බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

ප්‍රංශ - ශ්‍රී ලංකා ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමට අත්සන් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 683 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17820 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site