IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම්වලට නිරත විය හැකි ව්‍යාපාරික අවස්ථා පිළිබද ඔහු අවධානය යොමු කළේය.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා තානාපති කාර්යාලයේ නියෝජිතයන් හමුවූ අතර, තානාපතිවරයා සමඟ සාකච්ඡාවක ද නිරත විය. ඔහු වරායේ ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර 5 පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් තනාපතිවරයාට ලබා දුන් අතර RORO, තෙල් සහ ගෑස් අංශයවල වරාය ලබා ඇති විශේෂ වර්ධනය ද ඔවුනට පෙන්වා දුන්නේය. 

HIP විසින් දියත් කර ඇති නවතම බහාලු‍ම් මෙහෙයුම් සේවාව පිළිබඳව කරුණු පැහැදිලි කර, වසර අවසන් වන විට තොග හැසිරවීම් ප්‍රමාණය ද වැඩි කිරීමට අපේක්ෂා කරන බව තිස්ස වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසූවේය. HIPG හි සමාජ සහ පාරිසරික ව්‍යාපෘති සහ අනාගත සැලසුම් ද සාකච්ඡාවට ඇතුළත් විය.

HIPG හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා විසින් තානාපතිවරයාට සමරු තිළිණයක්ද පිරිනමන ලදී.

-595



අදහස් (0)

ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site