IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පිරිවැටුම ඉහළ නංවන විදේශීය ගනුදෙනු

යුරෝපා කොමිසම සිය නියෝජිත පිරිසක් පසුගිය දා කොළඹට එවන ලද අතර තවදුරටත් ජී’.එස්.පී. බදු සහන ශ්‍රී ලංකාව වැනි රටකට ලබාදිය යුතු ද යන්න මෙම කණ්ඩායම සිය නිර්දේශ ඉදිරිපත් කරනු ඇතැයි සැලකේ. යුරෝපා හවුලට අයත් රටවල් විසි හතකට කරන  මෙරට අපනයන විදේශ විනිමය ඉපැයීමේ අංශයට ඉතා තියුණු සහායක් ලබාදෙන අතර නියෝජිත පිරිස සමග සාර්ථක සාකච්ඡාවටයක් පවත්වන  ​ෙලස බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වී තිබේ. එම පණිවුඩය පදනම් කරගෙන කොළඹ කොටස් වෙළෙඳ පොළ තවත් වටයකින් ශක්තිමත් වූ අතර කෙසේ වෙතත් විදේශික ආයෝජකයන් සතුව තිබුණ එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය ආවරණය කරන සමාගම් කිහිපයක කොටස් විකිණීම හේතු කොටගෙන එම දර්ශකය පහත වැටිණ.

ඉකුත් සිකුරාදා (මැයි 02) ගනුදෙනුවල දී විදේශික ආයෝජකයන් යුහුසුළුවීම කැපී පෙනිණ. රු. මිලියන 87 ක ශුද්ධ අවාසියක් සිදු වූ නමුත් මිල දී ගැනීම් රු. මිලියන 1,214 ක් හා විකිණීම් රු. මිලියන 1,301 ක් වශයෙන් ගනුදෙනු 357 ක් වාර්තාවීම විශේෂිතය. 

සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,851.74 ක් වු අතර එය දර්ශක 51.80 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,638.29 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 5.37 ක පිරිහීමක් සේ  දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 13,931 ක් වාර්තා වූ අතර සමාගම් 154 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 72 කි. ගනුදෙනු අවසන් වන විට සමාගම් 12 ක කොටස් මිල සති පනස් දෙකක් ඇතුළත ඉහළම වර්ධනයක පැවැතියේය. තවත් සමාගම් 4 ක කොටස් මිල සති පනස් දෙකක් ඇතුලත අඩුම අගය වාර්තා කරනලද බව ද දැක්විය යුතුය. දෛනික පිරිවැටුම රු. මිලියන 5,900.3 කි. 

ලංකෙම් ඩිවෙලොප්මන්ට් රු. මිලියන 214 ක්, පෑන් ඒෂියා රු. මිලියන 197ක්, ලංකා දුම්කොළ රු. මිලියන 82 ක්, ජැට් හෝල්ඩිං රු. මිලියන  73ක්, ඒ.සී.එල්. කේබල් රු. මිලියන 72 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 67 ක්, සිංගර් ශ්‍රී ලංකා රු. මිලියන 57 ක්,  වැලිබල් වන් රු. මිලියන 51 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 46 ක්, සම්පත් බැංකුව රු. මිලියන 45 ක්, සහ ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 44 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම්  අතර තිබුණි. 

නිරීක්ෂක

 



අදහස් (0)

පිරිවැටුම ඉහළ නංවන විදේශීය ගනුදෙනු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 547 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site