
ගුප්ත විද්‍යාව සහ වේද දේව සංකල්ප පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට දැනුම සහ පුහුණුව සපයන දඹුල්ල පරමේශ්වරී ගුරුකුල ආයතනය Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ගුප්ත විද්‍යා අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී ආයතනයේ නිර්මාතෘ ආචාර්ය භාග්‍යානි සඳරේඛා මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී.
2019දී ඇරැඹුණු පරමේශ්වරී ගුරුකුල ආයතනය ගුප්ත විද්‍යාව සහ වේද දේව සංකල්ප හදාරන්නන් අතර ජනප්‍රිය අධ්‍යාපන ආයතනයකි. වයස අවුරුදු 16 සිට 55 දක්වා වූ අයට නිවැරැදිව සහ විනයානුකූලව වත්පිළිවෙත් ඉටු කරමින් ගුප්ත විද්‍යා කටයුතුවල නියැලීමට අවශ්‍ය දැනුම සහ පුහුණුව සපයන එම ආයතනය ක්ෂේත්‍රයේ විශ්වසනීය නමක් දිනා ඇත.
“ඇසට නොපෙනෙන විවිධ බලවේග හඳුනා ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම අයකුට අපගේ ආයතනය සමග සම්බන්ධ වෙන්න පුළුවන්. විධිමත් පුද පූජා විධි පිළිබඳ දැනුම සහ පුහුණුව අප ඔවුන්ට සපයනවා. අපගේ දේව මන්දිරය සෑම අඟහරුවාදා දිනකම ජනතාවට විවෘතව පවතිනවා. අපගේ ආයතනයේ ශිල්ප හදාරන සිසුන්ට මාසයකට වරක් ගුප්ත විද්‍යා අධ්‍යයන හා විවිධ දේව පූජා විධි පිළිබඳව වැඩමුළු ආයතනය තුළම පවත්වනවා. අපගේ පාඨමාලාව හැදෑරූ පළමු සිසුන් කණ්ඩායමට සහතික ප්‍රදානය මේ වසරේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. අප ආයතනයේ තුන් වැනි සිසුන් කණ්ඩායම මේ වන විට ඉගැනීම් අරඹා තිබෙනවා.” භාග්‍යානි සඳරේඛා මහත්මිය පැවසුවාය.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරමේෂ්වරී ආයතනයට Asia Miracle සම්මානය