IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය


නිමල කොඩිතුවක්කු


ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක්‍රියාවට නැංවීම සඳහා පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ මූල්‍ය සහාය ලබා දීමට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සිය කැමැත්ත පළ කර ඇත.

යෝජිත පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති 10ක් හඳුනාගනු ලැබ තිබේ.

ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් ලබා දීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක ඇපකර පහසුකමක් ද සහිතව ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක් ද ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් ද මේ යටතේ ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් එක්ව පිරිනමනු ලබන පුර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්යරාමුව යටතේ යෝජිත ග්‍රිඩ් උපපොළ සංවර්ධනය කිරීම පිණිස ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක ආයෝජන පැකේජය ලබා ගැනීමට සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් වූ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් අනුග්‍රහය ලබා දෙන අවදානමෙන් සුරක්ෂිත කිරීමේ ඇපකර පහසුකම ලබා ගැනීමට අදාළව ඉදිරි පියවර ගැනීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site