කාගිල්ස් බෑන්ක් පීඑල්සී හි සයිබර් ආරක්ෂාව සම්බන්ධ සිදුවීම හා බැඳුණු 2025 මාර්තු 21 සහ 2025 මාර්තු 25 දිනැති නිවේදන අනුව යමින්, පහත සඳහන් යාවත්කාලීන කිරීම් පාරිභෝගිකයන්ට ලබාදීමට කැමැති බව එම බැංකුව සදහන් කරයි.
පෙර දැනුම් දුන් පරිදි, කිසියම් අනවසර පාර්ශවයක් විසින් බැංකුවට අයත් යම් යම් දත්ත වෙත ප්‍රවේශ වූ බවත්, එම දත්ත ප්‍රසිද්ධියට පත්කළ බවත් ප්‍රකාශ කර ඇත.
බැංකුව විසින් සිදුකරගෙන යන විමර්ශනවලින් හෙළි වී ඇත්තේ, බැංකුවට අයත් සමහර තොරතුරු එම දත්ත අතර ඇති බවයි.
මෙම සිදුවීම හඳුනාගත් විගසම, ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා බැංකුව විසින් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ විශේෂඥයන් කණ්ඩායමකගේ සහය ලබාගත් අතර අදාළ සිදුවීම විමර්ශනය කිරීම, පාලනය කිරීම හා බැංකුවේ සයිබර් ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම ඔවුන් විසින් සිදුකරනු ලබයි.
නීති ක්‍රියාත්මක කරන අදාළ ආයතන වෙත බැංකුව හැකි වහාම මේ සිදුවීම වාර්තා කළ අතර දිගින් දිගටම ඔවුන්ව යාවත්කාලීන කරමින් ඔවුන්ගේ විමර්ශනවලට පූර්ණ සහයෝගය ලබාදෙමින් සිටී.
බලපෑමට ලක්වී ඇති බව හඳුනාගත් පාර්ශවකරුවන්ව බැංකුව විසින් තනි තනිව සම්බන්ධ කරගනිමින් සිටී.
එමෙන්ම, බැංකුවේ මූලික මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම ආරක්ෂිත හා ක්‍රියාත්මක තත්වයේ පවතින බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. සියලුම බැංකු සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර, පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ගනුදෙනු සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව සිදු කළ හැක.
අපගේ පාරිභෝගිකයන්ගේ දත්ත සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා අප සම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර, නීතිවිරෝධී ලෙස දත්ත ව්‍යාප්ත වීම පාලනය කරමින්, අපගේ සියලුම පාර්ශවකරුවන් ආරක්ෂා කිරීම සඳහා අදාළ බලධාරීන් සමග නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින්නෙමු.
2025 නොවැම්බර් මස 04
178
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2064
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1585
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාරිභෝගිකයන්ගේ දත්ත ආරක්ෂා කිරීමට කාගිල්ස් බැංකුවෙන් නව වැඩපිළිවෙළක්