IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට මහ බැංකුව තීරණය කරයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මේ වසරේ 6 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව නිවේදනය කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඔක්තෝබර් 10 වැනිදා රැස්වී එම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 7 සහ සියයට 8 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. ඊට අමතරව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ද පවතින සියයට 5 මට්ටමේ පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ මූල්‍ය වෙළෙඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.

මුදල් මණ්ඩලයේ මෙම තීරණය උද්ධමනය සියයට 4ත් 6ත් අතර අපේක්ෂිත පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන බවත් මැදිකාලීනව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටම ළඟාවීම සඳහා සහාය වනු ඇතැයි ද හෙතෙම කීය. 



අදහස් (0)

ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට මහ බැංකුව තීරණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 125 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site