IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘පරාටේ’ නීතියෙන් සුළු හා මධ්‍ය කර්මාන්ත මුහුණ දෙන අර්බුදයට ආණ්ඩුවෙන් සාධනීය පිළියම් නෑ

යොහාන් භාසුර


‘පරාටේ’ නීතිය බලගැන්වීමේදී සානුකම්පිතව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශය බැංකු සංගමයට උපදෙස් දුන් බවත්, මෙරට ආර්ථිකය පිළිබඳව වගකිවයුතු ආණ්ඩුවක් කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් බැංකුවලට ලිඛිත නියෝගයක් දීම බවත්, ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා ඊයේ (2) පැවසීය.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු ඇතුළු නියෝජිතයන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අතර ඊයේ (2) පැවැති විශේෂ සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වමින් ලියනාරච්චි මහතා එසේ පැවසීය.
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත රැකගැනීමට නම් ‘පරාටේ’ නීතිය තව දුරටත් අත්හිටුවීම සහ ණයගැතියන්ගෙන් මුදල් අයකරගැනීමේදී දේපළ පවරාගැනීම සම්බන්ධයෙන් බැංකුවලට දී ඇති බලය අවම කරන ලෙස එහිදී ඉල්ලා සිටි බවත්, කෙසේ වෙතත් එම රැස්වීමට සහභාගී වූ ආණ්ඩුවේ නියෝජිතයන් බැංකු නියේජිතයන් හමුවේ බැගෑපත් වී ඇති බවත් ඒ මහතා කීය.
ව්‍යාපාරිකයන් මුහුණදී සිටින සිටින තත්වය තේරුම් ගෙන සාධනීය පිළිතුරක් ආණ්ඩුව පාර්ශ්වයෙන් ලැබේ යැයි විශ්වාස කළ ද, එවැනි උත්සහයක් ආණ්ඩුවේ නියෝජිතයන් වෙතින් දැකිය නොහැකි වූ බව ද කී ඒ මහතා, දේපළ අත්පත්කරගැනීමේදී සානුකම්පිතව කටයුතු කරන ලෙස පමණක් බැංකුවලින් ඉල්ලා සිටි බව ද සඳහන් කළේය.

 



අදහස් (0)

‘පරාටේ’ නීතියෙන් සුළු හා මධ්‍ය කර්මාන්ත මුහුණ දෙන අර්බුදයට ආණ්ඩුවෙන් සාධනීය පිළියම් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 554 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site