දැයේ ශ්‍රම බලකාය සංවර්ධනය, වෘත්තිය මට්ටමෙන් නිවැරදිව ඇරඹීමේ ජාතික කර්තව්‍යයට උරදීමක් වශයෙන් දෙමුහුන් (Hybrid) මෝටර් රථ තාක්ෂණ ක්ෂේත්‍රය වෙත විශේෂ අවධානයක් යොමු කිරීමට පීපල්ස් ලීසිං සමාගම පසුගියදා කටයුතු කළේය. ඒ පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ එක්ව ‘හරිත නැණ’ වෘත්තීය ශිෂ්‍යත්ව පිරිනමමින් සුදුසුකම් ලත් තරුණ පිරිසකට සාර්ථකව සවිබල ගැන්වීමෙනි.
හඳුනාගත් ආර්ථික වශයෙන් අඩු ආදායම්ලාභි ග්‍රාමීය තරුණ තරුණියන් සඳහා මෙම පාඨමාලාවට ඇතුළත්වීමේ නිර්ණායක වූයේ NVQ 3 මට්ටම් සුදුසුකමය. මෙම වැඩසටහනේ පරමාර්ථය වූයේ ජාතියේ නිපුණ ශ්‍රම බලකාය සවිබල ගැන්වීම, ඔවුන්ගේ සේවා නියුක්තිය ඉහළ නැංවීම සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක :ීෘඨි* ප්‍රගමනයට දායකවෙමින් ජාතියට අනාගත විදේශ ආදායම් ආකර්ෂණය කර ගැනීමය. ඒ අනුව නාරාහේන්පිට (කොළඹ කලාපය) සහ වේගිරිය (මහනුවර කලාපය) පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවලදී වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් දෙකක් පවත්වනු ලැබීය.
ඉහළ යන ගෝලීය උෂ්ණත්වය, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාව සහ අඩු විමෝචනය ඇතුළු ධනාත්මක පාරිසරික බලපෑම් ලබාදෙන දෙමුහුන් මෝටර් රථ සඳහා වැඩි ඉල්ලුමක් තිබෙන අවකාශය තුළ, දෙමුහුන් මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමය සඳහා සැලකිය යුතු හිඟයක් පවතී. එහෙයින් පැය 100ක් ආවරණයවන පරිදි දෙමුහුන් මෝටර් රථ තාක්ෂණය පිළිබඳව තරුණ තරුණියන් පිරිසක් සවිබල ගැන්වීමෙන් සමාජයේ පවතින වෘත්තීය නිපුණයන්ගේ හිඟතාව සපුරාලීමද ‘හරිත නැණ’ වෘත්තීය ශිෂ්‍යත්ව වැඩසටහනේ එක් අරමුණකි. වැඩසටහන සාර්ථකව නිම කළ සියලුම තරුණ තරුණියන් NVQ මට්ටම-4 සදහා සුදුසුකම් ලබනු ඇත.
ඒ අනුව අධ්‍යයන කටයුතු සිදුකරන මධ්‍යස්ථාන දෙකේම ශිෂ්‍යත්වලාභි දරුවන් සදහා පාඨමාලා අවසානයේ තමන්ගේම ව්‍යාපාරයක් ඇරඹීමට අවශ්‍ය මුලික දැනුම ලබාදීමද පීපල්ස් ලීසිං සමාගම විසින් සිදුකෙරුණි.
595
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1
2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පීපල්ස් ලීසිං සමාගමෙන් “හරිත නැණ” වෘත්තීය ශිෂ්‍යත්ව