IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පීපල්ස් ලීසිං වෙතින් රුපියල් මිලියන 6කට අධික වෛද්‍ය උපකරණ දකුණු පළාත් රෝහල්වලට

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ 25 වැනි සංවත්සරයට සමගාමීව, ගෝලීය කොරෝනා වසංගතයට එරෙහි සුව සටනේ යෙදී සිටින රජයේ රෝහල්වල රෝගීන් හඳුනාගැනීම සහ ප‍්‍රතිකාර ලබාදීමට සහාය දැක්වීමක් ලෙසින් සිදුකරන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් දිගුවක් ලෙස දකුණු පළාතේ රජයේ රෝහල් 03කට රුපියල් මිලියන 6ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප‍්‍රදානයක් පසුගියදා සිදු කෙරුණි.

තංගල්ල මූලික රෝහලේ පැවැති මෙම වෛද්‍ය උපකරණ කට්ටල ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට වාරිමාර්ග කැබිනට් ආමාත්‍ය ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය ආරක්‍ෂක ආමාත්‍ය චමල් රාජපක්ෂ, ක‍්‍රීඩා හා තරුණ කටයුතු සහ ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, සිවිල් ගුවන් සේවා සහ ආයෝජන කලාප අමාත්‍ය ඩී.වී. චානක මහතා, මහජන බැංකු හා පීපල්ස් ලීසිං මූල්‍ය සමාගමෙහි සභාපති සුජීව රාජපක්‍ෂ මහතා, පීපල්ස් ලීසිං ප‍්‍රධාන විධායක නිළධාරී සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මාසිලීන් මහතා සහ පීපල්ස් ලීසිං සහකාර ප‍්‍රාදේශීය කළමනාකරු දකුණු පළාත්භාර නිශාන්ත වීරසිංහ මහතා ඇතුලුව හම්බන්තොට පී.එල්.සී. ශාඛා ප‍්‍රධානී අමිල වන්නිආරච්චි, තංගල්ල පීඑල්සී ශාඛා ප‍්‍රධානී ශානක චමින්ද මහතා සහ පීපල්ස් ලීසිං ආයතනික හා සමාජ සත්කාරක අංශයේ කළමනාකාරිණී රොෂ්නි මෝතා යන මහත්ම මහත්මීහු සහභාගි වුහ.

කොරෝනා වසංගතය පාලනය කිරීමේ ජාතික කි‍්‍රයාන්විතය සදහා පීපල්ස් ලීසිං සමාගම විසින් හම්බන්තොට දිස්ත‍්‍රික් මහ රෝහල වෙත කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට යොදා ගන්නා ජංගම පී.සී.ආර්. යන්ත‍්‍රය (PCR) පරිත්‍යාග කළ අතර තංගල්ල මූලික රෝහල සහ බෙලිඅත්ත ප‍්‍රාදේශීය රෝහල්වලට අඩුපාඩුවක්ව පවතින අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ රැසක් රුපියල් මිලියන 6 ක පිරිවැයක් දරා රෝහල් කාර්යක්‍ෂමතාවය ඉහල නැංවීම සඳහා පරිත්‍යාග කෙරුණි.

 



අදහස් (0)

පීපල්ස් ලීසිං වෙතින් රුපියල් මිලියන 6කට අධික වෛද්‍ය උපකරණ දකුණු පළාත් රෝහල්වලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 366 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site