IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් නිල වෙබ් අඩවියට සම්මාන ද්විත්වයක්

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී හි නිල වෙබ් අඩවිය මූල්‍ය සහ රක්ෂණ වෙබ් අඩවි අංශය සඳහා වූ රන් සම්මානය සහ හොඳම ජංගම පරිශීලක අත්දැකීම සහිත වෙබ් අඩවිය සඳහා වූ රන් සම්මානය LK Domain Registry විසින් සංවිධානය කරන ලද 15 වැනි BestWeb.LK සම්මාන උළෙලේදී බැංකු නොවන මූල්‍ය අංශය යටතේ දිනා ගැනීමට සමත් විය. ඩිජිටල් නාලිකා භාවිතයේදී ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් තිළිණ කිරීම සඳහා සමාගම ගන්නා උත්සාහයේ සාර්ථකත්වය මෙම සම්මාන මගින් මැනැවින් පිළිබිඹු වේ. 
ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් භාවිත කළ හැකි වන ආකාරයට තම නිල වෙබ් අඩවිය සැලසුම් කර තිබීම නිසා සමාගමට මෙම සම්මාන ද්විත්වය හිමි විය. මෙම වෙබ් අඩවිය ගනුදෙනුකරුවන් ඇතුළුව සියලුම පාර්ශ්වකරුවන්ට අවශ්‍ය සේවා හා තොරතුරු ඉක්මනින් හා පහසුවෙන් ලබාගැනීමට හැකි වන ආකාරයට සකස් කර ඇත. 
මෙම සම්මානවල වැදගත්කම සම්බන්ධයෙන් පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා මෙසේ අදහස් දැක්වීය. “මෙම වසරේ දී ද BestWeb.LK සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. අප සෑම විටම ඩිජිටල් නවෝත්පාදනය සහ පාරිභෝගික-කේන්ද්‍රීයත්වය වෙනුවෙන් කැප වී සිටින බවට මෙම සම්මාන සාක්ෂි දරනවා.” 
එමෙන්ම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී හි නිල වෙබ් අඩවි සංවර්ධන සහකරු ලෙස E-futures ආයතනය කටයුතු කරණු ලැබූ අතර, ඔවුන් ද 15 වැනි BestWeb.LK සම්මාන උළෙලේදී ඔවුන්ගේ විශිෂ්ට කාර්ය වෙනුවෙන් කුසලතා සම්මානයක් (Merit Awars) දිනා ගන්නා ලදී.



අදහස් (0)

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් නිල වෙබ් අඩවියට සම්මාන ද්විත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site