ශ්රී ලංකාව පුරා කඩිනම්, ආරක්ෂිත සහ වඩාත් විශ්වාසදායී බැංකු සේවාවක් ලබා දීමේ අරමුණින්, පෑන් ඒෂියා බැංකුව සිය ඩිජිටල් යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා IBM ආයතනය සමග සහයෝගීතාවකට එළැඹ තිබේ.
ශ්‍රී ලංකාවේ නූතන ගනුදෙනුකරුවන් පුද්ගලානුබද්ධ නිෂ්පාදන සේවා සහ විනිවිදභාවයෙන් යුතු ආරක්ෂිත බැංකු සේවාවක් අපේක්ෂා කරන බැවින්, ඔවුන්ගේ එම අවශ්‍යතා කාර්යක්ෂම සැපයීම උදෙසා පෑන් ඒෂියා බැංකුව මෙම නවෝත්පාදන පියවර ගෙන ඇත. IBM ආයතනය සමග ඇති කරගත් සහයෝගීතාව ඔස්සේ පැය 24/7 පුරාම අඛණ්ඩ බැංකු සේවාවක් ලබා දීමට කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් සිය බැංකු පද්ධතියේ කාර්ය සාධනය නිරීක්ෂණය කරමින් දත්ත ගබඩා පුළුල් කිරීමට සැලසුම් යොදා තිබේ. මෙම වැඩිදියුණු කිරීම් හරහා බැංකුවේ Cloud තාක්ෂණය මත පදනම් සේවා වෙත ප්‍රවේශ වීමට සහ අඩු කාල සීමාවකදී වඩාත් විශ්වාසදායී සේවාවක් තම ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට උපකාරී වනු ඇත.
IBM හි ව්‍යාපාරික සහකරු වනSouth Asian Technologies (SAT) සමග හවුල් වෙමින් පෑන් ඒෂියා බැංකුවේ කාර්ය සාධන අධීක්ෂණය සඳහා තත්ය කාලීන full stack නිරීක්ෂණයෙන් සමන්විත IBM Power10 servers, IBM FlashSystem සහ IBM Instana ඇතුළු දෙමුහුන් Cloud තාක්ෂණික විසඳුම් මෙහිදී ස්ථාපිත කරන ලදී.
මෙම පරිවර්තනයෙන් දැනටමත් පෑන් ඒෂියා බැංකුව තුළ ශක්තිමත් ප්‍රතිඵල පෙන්නුම් කර ඇත. ඒවා අතරින්:
යෙදුම් කාර්ය සාධනය සියයට 40 කින් වැඩිවීම නව බැංකු සේවාවේ සියයට 50ක වේගවත් ව්‍යාප්තිය වැඩිදියුණු කළ සේවා කාලය සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීම
මෙම නව්‍යකරණයත් සමගින් ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන්ගේ ගතික අවශ්‍යතා සපුරාලීමට සහ ඩිජිටල් නවෝත්පාදන මෙහෙයවීමේ ප්‍රමුඛකු ලෙස බැංකු ක්ෂේත්‍රයේ මැනවින් ස්ථානගත වීමට පෑන් ඒෂියා බැංකුවට හැකියාව ලැබේ.
‘‘අපගේ ගනුදෙනුකරුවන්ට සහ කොටස්කරුවන්ට වඩාත් ප්‍රයෝජනවත්, නව්‍යකරණයෙන් යුත් වගකීම් සහගත බැංකු සේවාවක් ලබා දීමේ දී අපගේ තාක්ෂණික පද්ධතිය වැඩිදියුණු කිරීමට අවශ්‍යතාවක් මතු විය. ලෝකය පුරා තිබෙන බැංකුවල ඩිජිටල් පරිවර්තනයක් උදෙසා මනා තාක්ෂණික සහයෝගයක් ලබා දීමේ ඉතිහාසයක් IBM ආයතනය සතුව පවතී. එමනිසා මෙම සහයෝගීතාවෙන් අපගේ ගනුදෙනුකරුවන්ගේ සබඳතා ශක්තිමත් කරමින්, ඔවුනට නවෝත්පාදනයෙන් යුතු වඩා හොඳ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට අපට හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු’’ යැයි පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන තොරතුරු නිලධාරී කාංචන දේවසුරේන්ද්‍ර මහතා පැවසීය.
මෙම සහයෝගීතාව පිළිබඳ අදහස් දක්වමින් IBM හි ඉන්දියානු සහ දකුණු ආසියාවේ කළමනාකාර අධ්‍යක්ෂ සන්දීප් පටෙල් මහතා මෙසේ පැවසීය.
‘‘ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇති කර ගැනීම සඳහා සුවිසල් අවස්ථා රැසක් පවතින අතර, කෘත්‍රිම බුද්ධිය (AI) සහ දෙමුහුන් Cloud තාක්ෂණය උපයෝගී කර ගනිමින් පෑන් ඒෂියා වැනි දූරදර්ශී ආයතන සමග කටයුතු කරන්නට ලැබීම සම්බන්ධයෙන් අපි ආඩම්බරයට පත් වන්නෙමු.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෑන් ඒෂියා බැංකුව IBM හි සහායෙන් තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කරයි