IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පන්නල හෙළ බොජුන් හල විවෘත කෙරේ


 


සඳලංකාව හේමලතා ඩී. හේවගේ


දේශීය ආහාර ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීම සඳහා සිදු කළ ව්‍යාපෘතියක් යටතේ ආරම්භ කළ හෙළ බොජුන් හල පන්නල කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා නගරයට ආසන්නයේදී විවෘත කරනු ලැබීය.

පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පන්නල ප්‍රාදේශීය සභාවේ සහයෝගය ඇතිව ආරම්භ කළ මෙම හෙළ බොජුන් හල් ව්‍යාපෘතයෙන් කාන්තා ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම හා දේශීය ආහාර වර්ග පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අරමුණ වී ඇත.

දේශීය ආහාර වර්ග ජපන් රාජ්‍යය තුළ ප්‍රචලිත කිරීම මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී කාර්යයක් වන බව ඒ සඳහා ජපන් සම්බන්ධීකාරක සේ සන් මහත්මිය හා සමෘද්ධි සංවර්ධන, ආර්ථික සංවර්ධන, ඇතුළු කාන්තා ව්‍යවසායකත්ව සම්බන්ධ සියලු‍ නිලධාරීන් මෙම ව්‍යාපෘතියට විශාල ශක්තියක් වූ බවත් පන්නල කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී හා මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන සම්බන්ධීකාරක සංජයේ සේනානායක මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පන්නල ප්‍රාදේශීය ලේකම් නීතිඥ සමන්ත වික්‍රමරත්න බණ්ඩාර, පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති නන්දසිරි පරාක්‍රම, සභාවේ ලේකම් ජේ.ඒ. සුජීවනී ජයසිංහ යන මහත්ම මහත්මීන් සහ පන්නල නගරයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු නියෝජිතවරුන්, රාජ්‍ය නිලධාරීන්, කාන්තා ව්‍යවසායිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (0)

පන්නල හෙළ බොජුන් හල විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site