IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නෙස්ලේ පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන මේ වසරේදී පාසල් දහසක

  • අධ්‍යාපන අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය සමග අත්වැල් බැඳගනියි

පිරිසුදු හා හරිත පරිසරයක් දැයට දායාද කිරීම සඳහා වන නෙස්ලේ ලංකා ප්‍රයත්නයෙහි තවත් පියවරක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය සමග එක් වෙමින් 2020 වසරේදීිපාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන’ ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර නිසි ආකාරයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමේ පුරුදු ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණක් විය.

නෙස්ලේ ලංකාහි මෙම සුවිශේෂී වැඩසටහන හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ දිවයින පුරා පාසල් තුළ කසළ කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ සැසි පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරනු ලබයි. ඒ අනුව මේ වසරේදී පාසල් 1000ක් ආවරණය කරමින් 500,000ක පමණ සිසු සිසුවියන් පිරිසක් කසළ කළමනාකාරණය පිළිබඳ දැනුවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කොට ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මෙසේ මහතා සඳහන් කළේය. “හරිත අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අපගේ කැපවීමේ වැදගත් පියවරක් ලෙස මෙම පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන පෙන්වා දිය හැකියි. ප්ලාස්ටික් ඇසුරුම් අවම කිරීම හා ඒ සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ඇසුරුම් නිර්මාණය කිරීම සඳහා අප නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒ වගේම තරුණ පරපුර තුළ නිසි අපද්‍රව්‍ය කළමනාකරණයේ වගකීම පිළිබඳව උනන්දුවක් ඇති කිරීම ඉතා වැදගත් කාර්ය භාරයක් ලෙස අප විශ්වාස කරනවා”.

මෙහිදී අදහස් එක් කළ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා මෙසේ පැවසීය. 

“ප්ලාස්ටික් හේතුවෙන් ඇති වන පරිසර දූෂණය අද වන විට මෙරට ප්‍රබල පාරිසරික ගැටලු‍වක් බවට පත්ව තිබෙනවා. වගකීම් සහගත අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව දැනුවත් කිරීම තිරසාර පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ඉතා වැදගත් වනවා. 

නෙස්ලේ, අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය අතර වන මෙම හවුල්කාරීත්ව වැඩසටහනෙන් තාරුණ්‍ය තුළ හරිත භාවිතයන් පිළිබඳ පුරුදු ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඔවුන්ට නිවසෙන්ම මෙම වැඩසටහන ආරම්භ කළ හැකියි”

මෙම පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනේ වැදගත්ම අවස්ථාව ලෙසිසිසු නෙතින් දකින සුවදායී පරිසරය’ යන තේමාව යටතේ ලෝක පරිසර දිනය නිමිති කරගනිමින් චිත්‍ර තරඟයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත. පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනෙන් සිසු සිසුවියන් අවබෝධ කරගත් පණිවිඩය නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමේ අවස්ථාව මෙම චිත්‍ර තරගයෙන් උදා කර දෙනු ලබයි.

 



අදහස් (0)

නෙස්ලේ පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන මේ වසරේදී පාසල් දහසක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site