IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නව Nissan මැග්නයිට් රථය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට

  • රුපියල් මිලියන 7.8ක ආරම්භක මිලක්

ශ්‍රී ලංකාවේ Nissan වාහන සඳහා බලයලත් බෙදා හරින්නා වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම (AMW) ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට නව Nissan මැග්නයිට් හඳුන්වා දුන්නේය. වඩාත් කැපී පෙනෙන පෙනුමකින් මෙන්ම වැඩිදියුණු කළ ආරක්ෂක විශේෂාංග සහ නවීන තාක්‍ෂණය සමගින්, වඩාත් විශ්වාසදායක නිර්මාණයක් ලෙස, නව මැග්නයිට් මෝටර් රථය වෙළෙඳ පොළට පැමිණෙයි. Nissan මැග්නයිට් රථය එහි වඩාත් දීප්තිමත් හා ශක්තිමත් පෙනුමෙන් කැපී පෙනෙන අතර ඉන් පාරිභෝගිකයාට විශ්වාසය ද ඇති කරයි. 

නව Nissan මැග්නයිට්, නවෝත්පාදනය සහ පාරිභෝගිකයා පදනම් කරගත් නිර්මාණ කෙරෙහි අවධානය යොමු කරයි. 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී ගෝලීය වශයෙන් මෙය දියත් කළ දිනයේ පටන් අද දක්වා, ලොව පුරා ඒකක 190,000කට වඩා වැඩි අලෙවියක් නව Nissan මැග්නයිට් වාර්තා කරයි. Nissan මැග්නයිට් හි ගෝලීය සාර්ථකත්වය, ලොව පුරා සියලු‍ම ප්‍රභේද සහ මාදිලිවල උසස් තත්වයේ, විශ්වසනීයත්වය සහ ජපන් ඉංජිනේරු විද්‍යාවේ මහිමය ලබා දෙන, සන්නාමයේ ‘One Car, One World’ ක්‍රමෝපාය පිළිබිඹු කරයි. 

ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්ගලික) සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ බොන්තියස් මහතා මෙසේ පැවසීය. ”‍ශ්‍රී ලංකාවේ වසර 5ක වාහන ආනයන තහනමෙන් අනතුරුව ශ්‍රී ලංකාව වෙත Nissan මැග්නයිට් රථය හඳුන්වා දීම, Nissan වාහන සඳහා නව පරිච්ජේදයක් සනිටුහන් කරනවා. එය දැනටමත් නව ප්‍රමිතීන්ට අනුව සකසා ඇති අතර ගෝලීය වෙළෙඳපොළේ ශක්තිමත් පාරිභෝගික විශ්වාසයක් දිනා ගෙන තිබෙනවා. මෙම දියත් කිරීමෙන්, ශ්‍රී ලංකාවේ අපගේ පාරිභෝගිකයන්ට සේවය කිරීම සඳහාත් අපගේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරනවා. නව මැග්නයිට් ජාත්‍යන්තරව මෙන්ම ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා විසින් ද හොඳින් පිළිගනු ඇතැයි අපට විශ්වාසයි.”‍ 

Nissan මෝටර් කෝපරේෂන් හි දකුණු ආසියානු ව්‍යාපාර ඒකකයේ ප්‍රධානී රඝුනාත් නායර් මහතා මෙසේ පැවසීය. “මැග්නයිට් රථය රටවල් 65 කට අධික සංඛ්‍යාවක නව ප්‍රමිති සකසා ඇති අතර විශාල පාරිභෝගික ආකර්ෂණයක් ද සතු කර ගෙන තිබෙනවා. ආරක්ෂාව සහ උසස් නව විශේෂාංග කෙරෙහි අවධානය යොමු කරමින්, නව මැග්නයිට් රථයට විශාල වටිනාකමක් ලබා දෙනවා. ලොව පුරා සිටින පාරිභෝගිකයන් මේ කෙරෙහි දැක් වූ ආදරයට හා විශ්වාසයට අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.



අදහස් (0)

නව Nissan මැග්නයිට් රථය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site