IMG-LOGO

නව පරපුරේ මූලික අදියරේ ව්‍යාපාර දීප්තිමත් කිරීමට NIBM’s Neo Ventures

NIBM අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඩී.එම්.ඒ. කුලසූරිය

ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතියට බලවත් ප්‍රවර්ධනයක් ලබා දෙමින්, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (NIBM)  විසින් බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි Neo Ventures   ආරම්භක දැනුවත් කිරීමේ වැඩසටහන ජුනි 19 වැනි දින සාර්ථකව පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට සිසුන්, තරුණ වෘත්තිකයන් සහ වර්තමාන ගතික ගෝලීය ආර්ථිකය තුළ තමන්ගේම ව්‍යාපාර ගොඩනැගීමේ හැකියාව ගවේෂණය කිරීමට උනන්දුවක් දක්වන ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් එක්රැස් වූහ.
NIBM හි Neo Ventures මුලපිරීම යටතේ පවත්වන ලද මෙම වැඩසටහනේ අරමුණ වූයේ සහභාගිවන්නන් අභිප්‍රේණය කිරීම, දැනුවත් කිරීම සහ  ලංකාවේ වඩාත්ම දක්ෂ ව්‍යපාරික නායකයන්, නවෝත්පාදන විශේෂඥයන් සහ මූලික අදියරේ ව්‍යාපාර  (startup) උපදේශකයන් ඔවුන් සමග සම්බන්ධ කිරීමයි. Neo Ventures  වැඩසටහන තම ඉලක්කයට අනුව, අධ්‍යාපනික දැනුම (academic learning)  ව්‍යාපාරික උත්සාහය බවට පරිවර්තනය කිරීමේ උත්සාහයෙහි නොනැවතී නියළුනු අතර මූලික අදියරේ ව්‍යාපාර (Startup) සාර්ථකත්වයට අවශ්‍ය වන ආකල්ප සහ මෙවලම් සපයමින්, නව පරපුර සාර්ථක ව්‍යාපාරිකයන් ලෙස සූදානම් කිරීමට කටයුතු කරන ලදී.
මෙම මුලපිරීමෙන් ලංකාව තුළ නවෝත්පාදනය ප්‍රමුඛ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා  NIBM  හි කැපවීම පිළිබිඹු කරන අතර එම සැලැස්මෙහි කොටසක් ලෙස, ප්‍රාදේශීය සාර්ථකත්ව උදාහරණ පදනම් කරගනිමින් උසස් ඉලක්ක පිහිටුවා ගැනීමට ද කටයුතු කරයි.උදාහරණයක් ලෙස, මාස කිහිපයකට පෙර, IIT Madras ආයතනය එක් මූල්‍ය වර්ෂයක් තුළ මූලික අදියරේ ව්‍යාපාර (startup)   100 කට අධික සංඛ්‍යාවක් පුර්ව ලියාපදිංචි කිරීමෙන් ප්‍රධාන මාතෘකාවක් බවට පත් වීය. එවැනි සන්ධිස්ථානවලින් ආභාෂය ලබා ගනිමින්, ලංකාවේ සම්පූර්ණයෙන්ම රජය සතු අධ්‍යාපන ආයතනයක් වන NIBM,  මේ වසරේ මූලික අදියරේ ව්‍යාපාර 100+ කට සහාය දැක්වීමේ අරමුණින් මෙරට පළමු අවස්ථාව ලෙස සනිටුහන් කරමින් Neo Ventures  වැඩසටහන දියත් කර තිබේ.
මෙම වැඩසටහනට තවත් ශක්තියක් එක් කරමින්, එය ජාතික හා ජාත්‍යන්තර සම්මානලාභී ලාංකික තාක්ෂණවේදි ව්‍යවසායකයකු වන, නායකත්වය දීම සඳහා ජාත්‍යන්තර තාක්ෂණවේදී ව්‍යවසායක  කීර්ති කොඩිතුවක්කු මහතා විසින් මෙහෙයවනු ලැබේ. ඔහුගේ නායකත්වය  NIBM Neo Ventures  මුල පිරීමට ශක්තිය, විශ්වාසනීයත්වය සහ ජාත්‍යන්තර මට්ටමේ ව්‍යවසායකත්ව දැනුම මහගු දායාදයක් බවට පත්ව ඇත. දූරදර්ශී නායකත්වයේ වැදගත්කම හඳුනා ගනිමින්, රට පුරා විවිධ අංශ සහ වෘත්තීය විෂයයන්ගෙන් නියෝජනය  කරමින්, එහි විස්තීර්ණ හවුල්කාර පරිසර පද්ධතිය හරහා නායකත්ව කණ්ඩායම මේ සදහා තෝරාගැනීමට කටයුතු කරන ලදි.
සාර්ථක සංවිධාන පිහිටුවීම සහ මෙහෙයවීම පිළිබඳ විශාල අත්දැකීම් ඇති කර්මාන්ත චින්තක නායකයන්ගෙන් සමන්විත ගෞරවනීය මණ්ඩලයක්, මෙම සන්ධ්‍යාවේදී තම වටිනා අදහස් සහ අභිප්‍රේරක දැනුම බෙදා ගැනීමට සහභාගී විය:
වර්තමානයේදී ව්‍යවසායකයන් මුහුණ දෙන අවස්ථා සහ අභියෝග “ ශක්තිමත් කණ්ඩායම් ගොඩනැගීමෙන් ආරම්භ කර නිවැරදි වෙළඳපොළ යෝග්‍යතාව හඳුනා ගැනීම දක්වා, මෙහෙයුම් පරිමාණය කිරීම සහ අරමුදල් පද්ධතිවල පිහිටුවීම දක්වා මෙම මණ්ඩලයේ සාකච්ඡා කෙරිණි. සෑම කථිකයකුම තම ව්‍යවසායකත්ව ගමන් මඟ පිළිබඳව අත්දැකීම් ඉදිරිපත් කළ අතර, ඔවුන් හට සාර්ථකත්වයට ළඟා වීමට උපකාරී වූ උපක්‍රම සහ කාර්යක්ෂම උපාය මාර්ග පිළිබදව අදහස් පළ කළේය.
Neo Ventures වැඩසටහන යටතේ සංවිධානය වූ මෙම උත්සවය, විද්‍යාත්මක අධ්‍යාපනය සහ ප්‍රායෝගික ව්‍යවහාරික දැනුම අතර සම්බන්ධය ගොඩනඟන අද්විතීය ආකෘතියක් ලෙස ඉතා ඉක්මනින්ම පිළිගැනීමට ලක්ව ඇත. සාමාන්‍ය අධ්‍යාපනික වැඩසටහන් ප්‍රධාන වශයෙන් න්‍යායාත්මක දැනුම කෙරෙහි අවධානය යොමු කරන අතර,  Neo Ventures  සහභාගිකරුවන් සක්‍රීයව ව්‍යාපාර අදහස් වර්ධනය කිරීමට, මාර්ගෝපදේශනය මගින් ඒවා වලංගු කිරීමට සහ වෙළඳපොළට ඇතුළුවීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට උනන්දු කරවයි. මෙම වැඩසටහන තර්කානුකූල චින්තනය, නව තත්වයන්ට අනුගත වීමේ හැකියාව, නායකත්වය සහ නවෝත්පාදනය වැනි මූලික ව්‍යවසායක කුසලතා වර්ධනය කිරීමට ද උපකාරී වේ.
කර්මාන්ත ජාලවලට ඇති බලවත් සම්බන්ධතාව සහ අත්දැකීම් සහිත මාර්ගෝපදේශකයන්, ආයෝජකයන් සහ මූලික අදියරේ ව්‍යාපාර (startup)  උත්පාදකයන්ගේ වර්ධනය වන සමූහයකට ප්‍රවේශ වීමට ඇති හැකියාවයි. මෙම වැඩසටහනේ ප්‍රධාන ශක්තියක් ලෙස සැලකිය හැකි වේ. TRACE Expert City, CSSL, Nagarro සහ PayMedia  වැනි ප්‍රමුඛ සංවිධාන සමග එක්ව කටයුතු කිරීම මගින්, වැඩසටහනට සහභාගී වන්නන්ට ලංකාවේ නැගී එන නවෝත්පාදන ගමන් මාර්ගයේ වටිනා අත්දැකීම් ලබා ගනිමින්, ඔවුන්ගේ ආරම්භක ව්‍යාපාර ගමන් මාර්ගය වේගවත් කළ හැකි සම්බන්ධතා ගොඩනඟා ගැනීමට ද හකියාව සැලසෙනු ලැබේ.
ශ්‍රී ලංකාව එහි දැනුම් ආර්ථිකය ශක්තිමත් කර රැකියා උත්පාදනය ඉහළ නංවන අතර, Neo Ventures  වැනි වැඩසටහන් වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. තරුණ පිරිසට ඔවුන්ගේ අදහස් අභිමතයෙන් කළමනාකරණය කර ඒවා ප්‍රායෝගික ස්වරූපයෙන් ව්‍යාපාරවලට පරිවර්තනය කිරීමට බලය ලබා දීමෙන්, ජාතික විකාශනයට අර්ථවත් ලෙස දායක විය හැකි ව්‍යවසායකයන්ගේ නව පරපුරක් සූදානම් කරමින් NIBM  අධ්‍යාපනික නවෝත්පාදන ක්ෂේත්‍රයේ පෙරමුණේ පසු වෙයි.
මූලික අදියරේ ව්‍යාපාර (startup)  අවබෝධතා වැඩසටහනේ සාර්ථකත්වය ලංකාවේ තරුණ පිරිස අතර ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය කෙරෙහි උනන්දුව වැඩි කිරීමට කටයුතු කෙරේ. අධ්‍යාපනික ආයතන, කර්මාන්ත නායකයන් සහ රාජ්‍ය මට්ටමේ අඛණ්ඩ සහයෝගයත් සමග ලංකාවේ මූලික අදියරේ ව්‍යාපාර (startup) පරිසරය ඉදිරි වසරවල විශාල වශයෙන් ව්‍යාප්ත වීමේ විශාල ධාරිතාවකට බඳුන් කරයි. මෙමගින් නව රැකියා සහ ගෝලීය තරඟකාරිත්වය සඳහා නව අවස්ථා ලබා දෙනු ඇත.
Neo Ventures වැඩසටහන ඉදිරියට ගමන් කරන අතරතුර, NIBM මූලික අදියරේ ව්‍යාපාර (startup)  සඳහා සහය ලබා දෙන ව්‍යුහගත අභිවර්ධන වැඩසටහන්,  මූලික අදියරේ ව්‍යවසායකත්ව දිරි ගන්වන අරමුදල් සහ ගෝලීය ආරම්භක ව්‍යාපාර ජාල ප්‍රවේශ අවස්ථා සමඟ එහි සහයක පද්ධතිය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ. ව්‍යවසායකත්ව මාර්ගය ශක්තිමත් කිරීමට මෙම ඉදිරි පියවර මගින් අරමුණු කෙරෙන අතර විශ්වාසය ඇති කරන අදහස් ඉපදීම පමණක් නොව, ඒවා පරිමාණය කළ හැකි සහ බලපෑම් සහිත ව්‍යාපාරවලට වර්ධනය කිරීම සහතික කිරීමයි.
Neo Ventures වැඩසටහන  ලංකාව දකුණු ආසියාවේ සමෘද්ධිමත් නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමේ NIBM හි දීර්ග කාලීනව දුරදර්ශී දැක්ම වේ. මෙය තරුණ ව්‍යවසායකයන්ට ගෝලීය තරඟකාරිත්වය සහිත ව්‍යාපාර ගොඩනඟා ගැනීමට බලය ලබා දෙන අතරම, ස්වදේශීය අභියෝග, ස්වදේශීය විසඳුම් මගින් මුහුණ දීමට ඔවුන්ව සමත් කරවන පරිසරයක් බිහි කරයි. 

 



අදහස් (0)

නව පරපුරේ මූලික අදියරේ ව්‍යාපාර දීප්තිමත් කිරීමට NIBM’s Neo Ventures

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 345 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 262 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site