IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


නව දේශිය ආදයම් පනත 01 වැනිදා සිට


(රංජන් කස්තුරි)


නව දේශිය  ආදායම් පනත අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති  මංගල සමරවීර මහතා පැවසීය.


බදු අයකිරීම, බදු ව්‍යුහයේ  වෙනස්කම් හඳුන්වාදීම සහ බදු අයකිරීම සරල ක්‍රමවේදයකට කිරීම ඇතුළු වෙනස්කම් රැසක් මෙම පනතට ඇතුළත් වේ.


නව දේශීය ආදයම් පනතට අනුව  උපයනවිට අය කරන බද්ද දැනට පවතින වසරකට ආදායම රුපියල් ලක්ෂ 07 සිට රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි වන අතර එම නිසා මධ්‍යම පාන්තික වැටුප් ලබන්නන්ට විශාල සහනයක් සැලසෙන බවද මංගල සමරවීර මහතා පැවසීය.


මීට අමතරව මැදපෙරදිග සේවය කරන සේවකයින්ගේ මුදල් තැන්පතු වලට ලැබෙන පොලිය සඳහා සියයට 5ක බද්දක් අය කිරීමට නව පනතින් විධිවිධාන සලසා දී තිබෙන බවද අමාත්‍යවරයා පැවසිය.


සේවකයින්ගේ මුදල් තැන්පතු මත මෙතෙක් සියයට 2 සිට සියයට 10 පමණ දක්වා විවිධාකාරයෙන් බදු අය කළ බවද එම විවිධ ක්‍රම අහෝසි කර නව පනතින් පොලීසය මත අය කෙරෙන සියයට 5 ක බද්ධක් පමණක් අය කිරීමට විධිවිධාන සලසා දී තිබේ.

 



අදහස් (2)

නව දේශිය ආදයම් පනත 01 වැනිදා සිට

lalith Monday, 19 March 2018 08:39 PM

බලමු මෙකෙන්වත් ඔය කඩාගෙන පනින්න යන කට්ටියට ඩියුටි ෆ්‍රී කර අරන් දීලා නවත්තාගන්න

:       0       1

nuwan Tuesday, 20 March 2018 09:58 AM

මැද පෙරදිග කාන්තාවෝ ලේ මස් පූජා කරලා උපයන සොච්චම්ටත් බදු ගහන තත්වෙකට පත් උනා එහෙනම්. දේශපාලකයෝ නඩත්තු කරන්න නිකරුනේ වියදම් කරන කෝටි ගණන් සල්ලි නැවැත්තුවනම් මේ වගේ හිගන වැඩ කරන්න ඕන වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ ආණ්ඩුව තවත් ජනයට අප්‍රිය වෙන එක.

:       3       48

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 410 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1656 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site