IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


නවසීලන්තයේ රැකෝන් සමාගමට රෝයල් ෆර්න්වුඩ් හීට් ඉන්සියුලේටරයක් නිපදවයි

රෝයල් ෆර්න්වුඩ් පෝර්සිලේන් ලිමිටඩ් සමාගම ඉතාමත් හුරුබුහුටි සහ වැදගත් ඉංජිනේරුමය උපාංගයක් ලෙස නවසීලන්තයේ රැකෝන් ලිමිටඩ් සමාගම සඳහා හීටර් ඉන්සියුලේටරයක් පසුගියදා නිෂ්පාදනය කළේය. රැකෝන් ලිමිටඩ් යනු ලෝකයේ ප්‍රමුඛතම සංඛ්‍යාත පාලන විසඳුම් නිර්මාණය සහ නිෂ්පාදනය කරමින් සබඳතා සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන ගෝලීය ඉහළ තාක්ෂණික ආයතනයකි. රෝයල් ෆර්න්වුඩ් විසින් නිෂ්පාදනය කර තිබෙන මෙම හීටර් ඉන්සියුලේටරය උෂ්ණත්ව කුහර තුළ භාවිත කරන අතර එය සෙල්සියස් අංශක ඍණ 60 සිට සෙල්සියස් අංශක 120ක් දක්වා භාවිත කළ හැකි අතර එය රත්කරනු ලබන්නේ තෙකලා විදුලි බලයෙනි. ඉතාමත් තදින් රත්වීම සිදුවන උපකරණවල හීටර් කොයිල් එක රැඳවීම සඳහා මෙම හීටර් ඉන්සියුලේටරය භාවිත කරයි.

රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ලිමිටඩ් සමාගම මෙම හීටර් ඉන්සියුලේටරය හඳුන්වාදීමත් සමග පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ සිට පෝසිලේන් ආශ්‍රිත සියලුම නිෂ්පාදන සිදුකරන සමාගමක් බවට පරිවර්තනය වී තිබේ. සමාගමේ නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරගැනීමට තිබෙන හැකියාව තුළින් මෙම පරිවර්තනයට මග පෑදී තිබෙන අතර ඕනෑම පෝසිලේන් නිෂ්පාදනයක සිට පෝසිලේන් අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දක්වා මේ තුළින් සමාගමේ ධාරිතාව වර්ධනය වී තිබේ.

“නව නිෂ්පාදන සිදුකිරීමට නැවුම් අවස්ථා සහ නව්‍ය ක්‍රමවේද පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ආයතනයක් ලෙස මෙම උපකරණය වෙළෙඳපොළට හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා.” යනුවෙන් මෙම නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින් රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, යොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

 



අදහස් (0)

නවසීලන්තයේ රැකෝන් සමාගමට රෝයල් ෆර්න්වුඩ් හීට් ඉන්සියුලේටරයක් නිපදවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 178 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 245 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site