ශ්රී ලංකාවේ ප්‍රථම වතාවට ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීමට නවලෝක රෝහල සැරසේ.
ඇටමිදුළු යනු අස්ථී කුහර වල පිහිටි සුමුදු පටක වර්ගයක් වන අතර ඒවායේ කාර්යය වන්නේ රතු රුධිරාණු නිපදවීමයි.රතු රුධිරාණු යනු සිරුර පුරා ඔක්සිජන් පරිවහණයට කිරීමට වැදගත් වන සිරුරේ පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයකි.
ලියුකේමියාව, තැලසීමියාව, අස්ථී දිරා යාම වැනි රෝග නිසා ඇටමිදුළුවල ක්‍රියාකාරීත්වයට බාධා පැමිණේ.එවිට සිරුරට රතු රුධිරාණු සැපැයීම අඩු වන අතර තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් අත්වනුයේ මරණයයි.
මෙයින් මිදීමට ඇති එකම මග ඇටමිදුළු බද්ධ කිරීමයි.එහිදී රෝගියාගෙන්ම හෝ වෙනත් පුද්ගලයෙකුගෙන් හෝ ලබා ගන්නා ඇටමිදුළු බද්ධ කිරීම සිදුවේ.
ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමද ඉතා සූක්ෂ්ම වන අතර එවන් සැත්කමක් සිදුකර ගැනීමට අවැසි රෝගියෙකු වේ නම් ඔහුට හෝ ඇයට සිංගප්පූරුවට හෝ ඉන්දියාවට යෑමට සිදුවේ.සිංගප්පූරුවේ සිදුකෙරෙන සැත්කමකට රුපියල් ලක්ෂ 140 ක් පමණ වැය වන අතර ඉන්දියාවේදී එයට රුපියල් ලක්ෂ 80 ක් පමණ වැයවේ.
නමුත් නවලෝක රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීම ආරම්භ කළ පසු එක් සැත්කමක් රුපියල් ලක්ෂ 30 ක් වැනි මුදලකට සිදුකරගත හැකි වනු ඇති බවයි.
මෙය ශ්‍රී ලංකාවේ ඇටමිදුළු බද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇති රෝගීන්ට ඉතා සුභ ආරංචියක් වනු ඇති බවට සැක නැත.
COMMENTS
ශාන් ඔබේ විස්තාර්ත්මකව ලිපියට ස්තුතියි (දී)
ලංකාවේ මේක ඉතා ලාබෙට කරන්න පුළුවන් නම් පිටරටවල් වලින් ලෙඩ්ඩු එන්න පුළුවන්. එමගින් ලංකාවට විදේශ අදායමක් ලබාගන්න පුළුවන්. මේ ක්‍රියාවලියේදී බෙල්ල ලගින් ලේ නහරක් තුලින් හදවත ලග තියන ලොකු රුදිර නාලයකට බටයක් යවල තමයි සියලු බෙහෙත් හා ඇට මිදුළු ඇගට ඇතුල් කරන්නේ. මුලින් ඉතා සැර බෙහෙත් දවස් කීපයක් දීල ඇගේ තියන සියලු ඇටමිදුළු විනාසකරනවා. ඊට පස්සේ අලුත් ඇටමිදුළු අර බටයෙන් ඇතුල් කරනවා. ඊට පස්සේ අලුත් ඇට මිදුළු වලට ඇගේ බලය අල්ල ගන්න කල් සපෝර්ට් කරන බෙහෙත් දෙනවා. මේ සඳහා රෝහලේ ආරක්ෂිත වාට්ටුවක සති පහක් තරම ඉන්නවෙනවා. අර බටය මාස කීපයක් තරම ඇගේ සවි කරලා තියෙන්නේ. එකෙන් තමයි බෙහෙත් දෙන්නෙත් හා ලේ සාම්පල ගන්නෙත්. ලෙඩෙක් සාමාන්‍ය තත්වයට එන්න අවුරුදු දෙකක් විතර යනවා (දී)
ජය වේවා! අහන්නත් සතුටුයි මේ ආරංචිය. පින්සිද්ධ වේවා වෛද්‍යතුමන්ලාට (නි)
ලංකාවේ මේක ඉතා ලාබෙට කරන්න පුළුවන් නම් පිටරට වලින් ලෙඩුන් එන්න පුළුවන්. එමඟින් ලංකාවට විදේශ අදායමක් ලබාගන්න පුළුවන්. මේ සඳහා රෝහලේ ආරක්ෂිත වාට්ටුවක සති පහක් පමණ ඉන්න වෙනවා. ලෙඩෙක් සාමාන්‍ය තත්වයට එන්න අවුරුදු දෙකක් විතර යනවා (නි)
වැදගත් තොරතුරක්. (ස)
හොද ආරංචියක් (දී)
හොඳ තොරතුරක් (නදී)
ඇති එකාට නම් මේ මිල සුලුදෙයක්. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් වැඩි කොටස එදා වේල කන්නෙත් බොහොම අමාරුවෙන් නම් කියන්න වෙන්නේ, ඇති අය ජීවත්වෙති. නැති අය මියදෙති. (නි)
ඇට මිදුළු බද්ද කරන්නේ කොහොමද (දී)
මිනිස්සුන්ට සන්තෝෂ වෙන්න පුළුවන් පුවතක් (දී)
පිට රටට දෙන සල්ලි ඉතුරුයි (දී)
මනුෂ්‍ය ජීවිතය තණ අහ පිණි බිදකට සමාන කලේ මේ නිසා (දී)
සල්ලිම නොවෙයි ජීවිතය කියන්නේ (දී)
පෙරේරා එහෙමයි කියලා අපි මොනවද කන්නේ ඔක්කොම වසනේ (දී)
අපි ගන්න ආහාර වලින් තමයි ගොඩාක් ලෙඩ හැදෙන්නේ (දී)
හලෝ කෝවිද ගුණසේකර දන්න දෙයක් ගැන ලියන්න මේකෙන් ලංකාවෙ ඉන්න නැතිබැරි මිනිස්සුන්ට ඇති වැඩක් නෑ දොස්තරලට නම් සල්ලි ආකරයක්. (අ)
දැක්කාද සල්ලි තියෙන මිනිහා විතරයි ඒකෙනුත් බේරෙන්නේ (දී)
පුළුවන් තරම් අපි මේ භාවයෙන් නික්මෙන්න උත්සාහ කරමු (දී)
මේක සැත්කමක් නොවේ. ඉතා සියුම් ක්‍රියාවලියක්. මටත් මෙය කරලා තියනවා (නදී)
අපිකල පාප කාර්ම තමයි මේ පලදෙන්නේ මෙවන් ලෙඩ හැදිලා (දී)
සමාජය පිරිහිලා තව තවත් එන්න එන්නම අගාදයට තමයි යන්නේ (දී)
සංජිව හරි (දී)
කවදාවත් මිනිහෙක් තව මිනිහෙක්ට පිහිට වෙන්නේ නැහැ (දී)
නැතිබැරි මිනිස්සුන්ට පිහිට වීම පුළුවන් මිනිහාගේ යුතුකමක් (දී)
මිනිස්සු සල්ලි නැතුව ලෙඩ දුක් හැදිලා මැරෙනකොට ඉවසා ගන්න පුලුවන්ද (දී)
අපි කරන්න ඕනේ දැම්ම ඉදලා ඇටමිදුළු ශක්තිමත් වෙන ආහාර ගැනීමයි (දී)
මෙච්චර ලංකාවේ ඉදලත් අපි දන්නේ නැහැනේ (දී)
තව ඉස්සරහට තව තව තාක්ෂනය දියුණු වෙනවා සල්ලි තමයි නැත්තේ මිනිස්සුන්ට (දී)
අගේ ඇති වැඩකට තමයි මුල පුරන්නේ (දී)
තා තවත් මේ සම්භන්ධ තොරතුරු පලකරන්න (දී)
මනුස්සයාටනේ මේ ඔක්කොම හැදෙන්නේ (දී)
නැති බැරි මිනිහා තමයි අමාරුවේ වැටෙන්නේ (දී)
මේවාට සම්භන්ධ වෙන සියල්ලන්ටම ස්තුතියි (දී)
විශාල පරීක්ෂණ කරලා මේවා සොයාගෙන තියෙන්නේ (දී)
දුප්පතාට දෙයියන්ගේම පිහිටයි. (නදී)
දෙන්නෙක් කසාද බදින්න පෙර රුදිර පරීක්ෂාවක් කර ගන්නවන්නම් මේ රෝග වලට විසදුම් ලැබෙනවා (දී)
දුප්පතාට දෙයියන්ගේම පිහිට. (ස)
මේ රෝගය සැදෙන්නේ ජානමය විකුර්තිතාවයකින් (දී)
මත් වතුර නිසා මේ රෝගය සැදෙනවද (දී)
ඉස්සර වගේ නොවෙයි දැන් ආහාර නිසාමිනිස්සු ලෙඩ වෙනවා (දී)
ඉතා හොඳ ආරංචියක්. මෙවැනි බද්ධ කිරීම් වලට ආධාර හොයන අහිංසක අය කොච්චර ඉන්නවද ලංකාවේ? මේ වියදම අඩු කරගන්න ලැබෙනවා නම්, වැඩි දෙනෙකුට යහපතක්... (නි)
පෝෂණයෙන් වැඩි ආහාර කෑමට ගන්න (දී)
මමනම් කියන්නේ ගෝවා වගේ ආහාර ගන්න එපා (දී)
ප්‍රදීප් 100% හරි (දී)
අපි කන්නේ වස කෑම ඒ නිසයි මිනිස්සු ලෙඩ වෙන්නේ (දී)
ජිවිතයේ පුරුද්දක් විදිහට ව්‍යායාම කරන්න (දී)
සෞක්‍ය සම්පන්නව ඉන්න මිනිසුනේ (දී)
මේ දරා ගන්න බැරි වියදමට රජයෙන් සහනයක් සලසනවානම් ලොකු පින් කමක් (දී)
මේ සැත්කමට විශේෂ පුහුණුවක් අවශ්‍යයි (දී)
වෛද්‍ය වරු කියන්නේ දෙවිවරු (දී)
කොපමණ කාලයක් යනවද මේ සැත්කමට (දී)
මේවා කරන වෛද්‍ය වරුන් ගැනත් සදහන් කරන්න (දී)
නියම වටිනා ලිපියක් (දී)
ලංකාව තාක්ෂණයෙන් ඉදිරියට (දී)
බුදු හාමුදුරුවෝ ඕක තමයි කියුවේ ජීවිතය දුකයි කියලා (දී)
රෝගී වූ මිනිස්සු දැක්කාම කලකිරෙනවා ජිවිතෙන්ම (දී)
මෙහෙම ලෙඩ හැදෙනවට වඩා මැරෙන එක හොඳයි (දී)
නැති බැරි කමත් වලිගය නැති ගොනා වගෙයි කියනවනේ (දී)
කාලෝචිත ලිපියක් (දී)
පිට රටට විතරද හොඳ නැද්ද ...(දී)
මේවා කරන්න දොස්තරු ලංකාවේ ඉන්නවද (දී)
මෙවන් ලෙඩක් හැදෙන්න එපා කියන එකයි මගේ පැතුම (දී)
වැඩිපුර සල්ලි ගන්නේ මේක සෙල්ලම් වැඩක් නොවන නිසයි (දී)
සෙල්ලම් වැඩක්ද ඇටමිදුළු නැවත ලබා දෙනවා කියන්නේ (දී)
තාක්ෂණයේ අපුරුව (දී)
අනේ කොයි තරම් දෙයක්ද (දී)
සමාජයේ බොහොම සීමිත ප්‍රමාණයකට විතරයි මේ පහසුකම තියෙන්නේ (දී)
මේ ගැන වගකිවයුත්තන්ගේ ඇස් කන් ඇරේවා (දී)
ආණ්ඩුවේ ඉස්පිරිතාලවලටත් ගෙන්න (දී)
ඉතා හොඳ වැඩක් (දී)
අනේ මන්දා අහනකොටත් පිස්සු වගේ (දී)
ආරංචිය නම් හොදයි (දී)
ලංකාවේ තත්වයෙන් උසස් තාක්ෂණයක් ඇති කරන්න (දී)
මෙන්න වැඩ විශ්මිතයි (දී)
සල්ලි මැවුවේ කවුද දෙයියෝ (දී)
මිනිස්සුන්ට තමයි මේ ඔක්කොම (දී)
අපි පරිත්‍යාග කරන කොට අක්ෂිදාන සංගමයට දෙන්න පුලුවන්ද (දී)
නැති බැරි මිනිහෙක්ට උදව් කරන එකත් පිනක් (දී)
ඇට මිදුළු දන් දෙන්නේ කොහොමද (දී)
මස් දියවෙන කාන්තාවක් ගැන මම දැක්කා පුවතක් (දී)
සාමාන්‍ය මිනිහෙකුගේ ශරීරය දීලා තියෙන අපුරුව (දී)
දැන ගන්න මේ ලෙඩ වලින් පෙන්නේ අතීතයේ කරුම කර ඇති බවයි (දී)
නවලොකෙට සුභපැතුම් (දී)
නැති බැරි මිනිහා කොහෙදිත් මැරෙනවා (දී)
අනේ හොදයි (දී)
ලංකාවෙ ඉන්න නැතිබැරි මිනිස්සු ගැන හිතන්න (දී)
මේ ලෙඩ හැදෙනවට වඩා හොදයි මිනිස්සු මැරෙනවා (දී)
කෝවිද ගුණසේකර ඔබට ස්තුතියි මෙවන් ලිපියක් අපිට දුන්නාට (දී)
මොනවගේ තත්වයකදීද මේ වගේ භයානක රෝගයක් එන්නේ (දී)
"මෙය ශ්‍රී ලංකාවේ ඇටමිදුළු බද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇති රෝගීන්ට ඉතා සුභ ආරංචියක් වනු ඇති බවට සැක නැත." සල්ලි තමයි නැත්තේ (දී)
ගාන තමයි වැඩි (දී)
කාටද ආඩම්භර (දී)
ලෝකේ තියෙන කරුමම ලෙඩක් තමයි තැලසීමියා කියන්නේ (දී)
අස්ථි බන්ධනයක් වගේ දෙයක්ද (දී)
සුභපතනවා ඒ සියලු දෙනාටම (දී)
නවලෝක කියන්නේ සැම තාක්ෂනයක්ම තියෙන රෝහලක් (දී)
ශාන්, ඔබට ස්තුතියි (දී)
ඉතා හොද ලිපියක් (දී)
ආණ්ඩුවෙන් සල්ලි දීලා හෝ රෝගීන් සුවපත් කරනවානම් ලොකු පිනක් (දී)
මිනිස්සු මේ ලෙඩ හැදිලා මැරෙන්නේ කර ගන්න සල්ලි නැතුව (දී)
ලක්ෂ තිහක් කියන්නේ සෙල්ලමක්ද (දී)
කිසිම කෙනෙකුට තැලසීමියා වගේ කරුම ලෙඩක් නම් හැදෙන්න එපා (දී)
සල්ලි නැති මිනිස්සුන්ට මෙවන් සත් කමක් කරගන්න පුලුවන්ද (දී)
මිට පෙර කරලා නැද්ද (දී)
සල්ලි සල්ලි ජීවිතය තීරණය කරන්නේ සල්ලි (දී)
දොස්තරුන්ට නම් හොදයි (දී)
හොද ආරංචියක් ස්තුතියි ලංකාදීප (දී)
සල්ලි තියෙන මිනිහා සල්ලි දීලා කර ගන්නවා නැති මනුස්සයා (දී)
මිනිස්සුන්ට මෙවන් රෝගයක් ඇති වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා (දී)
කොපමණ මුදලක් යනවද (දී)
කොහොමද කරන්නේ (දී)
ලංකාව දවසින් දවස දියුණු වෙනවා (දී)
නවලෝකේ විතරද තියෙන්නේ (දී)
තව තවත් ආදාර දීලා ප්‍රවර්ධනය කරන්න (දී)
මේකෙන් ලංකාවෙ ඉන්න නැතිබැරි මිනිස්සුන්ට ඇති වැඩක් නෑ දොස්තරලට නම් සල්ලි ආකරයක් (දී)
ඕනෑම බලවතෙක් රෝගී උනාම දුබල වෙනවා (දී)
මේ සැත්කම මේ තරම් අමාරුද (දී)
ඉන්දියාවට යන සල්ලි ඉතුරු වෙනවා මිනිස්සුන්ට මානසික සහනයක් ලැබෙනවා (දී)
ඉතා හොඳ ආරංචියක්. මෙවැනි බද්ධ කිරීම් වලට ආධාර හොයන අහිංසක අය කොච්චර ඉන්නවද ලංකාවේ... මේ වියදම අඩු කරගන්න ලැබෙනවනම්, වැඩි දෙනෙකුට යහපතක්... (ස)