IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

නිමල කොඩිතුවක්කු


නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා වන යෝජිත සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමට 2024-04-29 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ.
එම පවරා දීමට විරුද්ධව තැපැල් සේවකයන් මෙන්ම සිවිල් සංවිධාන හා පොදු මහජනතාව අතරින් විරෝධතා එල්ල විය.
එම ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පෙර පරිදිම යොදා ගැනීමට සහ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිත කිරීමට හැකි වන පරිදි සකස් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පසුව තීරණය කර තිබේ.
ඒ අනුව, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හා ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීමට ගෙන ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අහෝසි කිරීමටත්, දේශීය/ විදේශීය සංචාරක ආකර්ෂණය වර්ධනය කර ගැනීම සහ නව ආදායම් උත්පාදන මාර්ග වැඩිදියුණු කර ගැනීමට හැකි වන පරිදි එකී ගොඩනැගිල්ල සහ ඉඩම නවීකරණය කිරීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site