IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නිවාඩු කාලය සමග ගනුදෙනු අවම වන ලකුණු

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඊයේ :09) නැවත වතාවක් පසුබෑමක් සනිටුහන් කළේය. පළමු පැය තුළ වර්ධනයක් පෙන්නුම් කළ අතර පසුව අඛණ්ඩව මිල ගණන් පහත වැටිණි. අඩු මිල ගණන් හේතු කොටගෙන උපායශීලී ආයෝජකයන් කොටස් මිල දී ගැනීමට උත්සුකවන බවක් නිරීක්ෂණය කළ හැකි විය. කෙසේ වෙතත් මෙම සති අන්තයෙන් පසුව එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩු හේතු කොටගෙන කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු තරමක් උදාසීනවීමට ඉඩ තිබේ. 

සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,875.99 ක් වු අතර එය දර්ශක 251.76 ක පසුබැසීමකි. ගනුදෙනු අවසන් වන විට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,352.69 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 193.65 ක පහළයෑමක් සේ දැක්විය හැකිය. කෙසේ නමුත් දිනයේ පිරිවැටුම රු. බිලියන 3.08 ක් තෙක් ඉහළ ගියේය. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 15,816 ක් වූ අතර කොටස් මිල ඉහළ ගිය සමාගම් ගණන 71 කි. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 163 වේ. වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 5,253.1 ක් වී ඇත. ඉදිරි දිනවල මිල දී ගැනීම සඳහා පසුබිමක් පවතින අතර කෙටි කාලීන ලාබ සඳහා වහාම විකිණීම හේතුකොටගෙන උච්ඡාවචනයක් අපේක්ෂා කළ හැකිය. 

ජෝන් කීල්ස් රු. මිලියන 592 ක්, ඩිජිටල් මොබිලිටි රු. මිලියන 380 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 238, හැටන් නැෂනල් රු. මිලියන 192 ක්, සම්පත් රු. මිලියන 109 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 88 ක්, චෙවරන් රු. මිලියන 87 ක්,  සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන් රු. මිලියන 58 ක්, හේලීස් රු. මිලියන 43 රු. මිලියන 68 ක් සහ පෑන් ඒෂියා රු. මිලියන 35 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.

නිරීක්ෂක



අදහස් (0)

නිවාඩු කාලය සමග ගනුදෙනු අවම වන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site