IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නවගත්තේගම පැණි දොඩම් වගාවට නරක කාලයක්

( ජුඩ් සමන්ත)


සාර්ථක ලෙස තමන් පැණි දොඩම් වගා කර ඵලදාව ලබා ගත්තත් ඒ සදහා යහපත් මිළක් නොමැති බව නවගත්තේගම ප්‍රදේශයේ ගොවීන් සදහන් කරයි. 

නවගත්තේගම - මහඅන්දර වැව ප්‍රදේශයේ අක්කර 500 කට වැඩි ප්‍රමාණයක පැණි දොඩම් වගා කර ඇති අතර අක්කරයකට පැණි දොඩම් පැල 500 ක් පමණ සිටුවා වසර දෙකකින් අනතුරුව වසර 10 ක කාලයක් දක්වා අස්වැන්න ලබා ගත හැකි බවත් ගොවීන් සදහන් කරයි.

තමන් විසින් වගා කරන පැණි දොඩම් සදහා කිසිදු  රසායණික පොහොරක් හෝ කෘමි නාශක යෙදීමක් සිදු නොකරන බවද ඔවුන් පවසයි.

එමෙන්ම නියං සමයේ වුවත් හොද පළදාවක් පැණි දොඩම් වගාවෙන් ලබා ගත හැකි බවද ඔවුන් සදහන් කරති. එමෙන්ම වන අලින්ගෙන් හෝ වෙනත් සතුන්ගෙන් පැණි දොඩම් වගාවන්ට බලපෑමක් නොමැති නිසා ගොවීන් බොහෝමයක් පැණි දොඩම් වගාවට යොමු වී ඇති බවද නවගත්තේගම ගොවීන් පෙන්වා දෙයි. නමුත් තමන් විසින් වගා කර වෙළද පලට ගෙන යන පැණි දොඩම් වලට මිළක් නොමැති වීම ගැටළුවක් බවද ඔවුන් සදහන් කරයි.

මේ වන විට විදේශ රටවල් වලින් ගෙන්වන විවිධ දොඩම් වර්ග වෙළදපලේ අලෙවිය සදහා තිබීම තම අස්වැන්න අලෙවි කිරීමට නොහැකි වීමට හේතුව වී ඇති බවද ගොවීන් පෙන්වා දෙයි. පවතින තත්ත්වයට විසඳුමක් ලෙස රජය හෝ පුද්ගලික අංශ මැදිහත් වී තමන් විසින් වගාකරන පැණි දොඩම් මිළදී ගැනීමට කටයුතු කරන්නේ නම් වගා කටයුතු තව තවත් වැඩි කළ හැකි බවද ගොවීහු පවසති.



අදහස් (4)

නවගත්තේගම පැණි දොඩම් වගාවට නරක කාලයක්

rohan Tuesday, 20 March 2018 09:34 AM

දේශීය නිෂ්පාදනයට ප්‍රමුකත්වය දෙන්න ඕනේ ඒ උනත් අපේ රට්ටේ මිනිස්සු පිටරට දේවල්වලට පුදුම ලැදි කමක් තියෙන්නේ මේ ගොවියට අත දීම සහ මේ වගාවන් නගාසිටවිම රජයක වගකීමක්.

:       0       67

nuwan Tuesday, 20 March 2018 09:53 AM

සිංගප්පුරුව ගැන කියා කියා ආර්ථිකය ශක්තිමත් කරනවා, ගොවියාගේ අටු කොටු පුරවනවා කියන අය කෝ?

:       0       8

Perakum Tuesday, 20 March 2018 10:51 AM

නිමක් නැතුව ඉන්න අපේ කෘෂිකර්ම බලධාරීන්ට ඇයි මේවා නොපෙනෙන්නේ? පිට රටින් ගේන කොට කාගෙ කාගෙත් සාක්කු පිරෙන නිසාද?

:       0       34

ධනුෂ්ක Tuesday, 20 March 2018 04:41 PM

මමත් මේ ගමට අල්පු ගමේ. මේ කතාව අැත්ත. මමත් අක්කර දෙකක දොඩම් හදාලා තියනවා. හැබැයි ගෙඩියක් රුපියල් පහකටවත් දෙන්න බෑ. එ් ගානට දුන්නත් කොළඹ එ් ගෙඩියක ගාන රුපියල් විස්සක්. මට අවුරුදු 27යි මම ගත්ත උපාධියත් පැත්තකට දාලා. මහා පරිමාන වශයෙන් වගා පැත්තට යොමු වෙන්න හදනකොට. කෝ එ්කට හයියක්. අපේ ලංකාවේ මිනිස්සු මේ රටේ ධනය පිට රැටියන්ට දීලා වස විස ගෙන්නලා කන බොනකොට අපිට නැගිටින්නත් බෑ. රටට නැගිටින්ත් බෑ. අැත්ත වශයෙන්ම මේ දොඩම් වලට වස විස මොකවත් දාන්නේ නෑ. මොකද පලිබෝධක ඉතාම අවමයි.

:       0       52

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site