පාරිභෝගික සේවා වැඩි දියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගම ‘පියාසැරියට සුදානම්‘ නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මෙමගින් ශ්‍රී ලන්කන් ගුවන් ගමන් නියමිත වේලාවට ක්‍රියාත්මක කිරූමට අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නිසි වේලාවට ගුවන් යානය වෙත පැමිණෙන්නැයි ගුවන් සමාගම සිය ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කරයි.
පිටත්වීමේ දොරටුව වෙත ගුවන් ගමනට විනාඩි 40 ට පෙර පැමිණ ගුවන් සමාගමට මෙන්ම සෙසු ගුවන් මගීන් වෙතත් සහයෝග ලබා දීමට පියාසැරිය සුදානම් බවද ගුවන් සමාගම නිවේදනය කරයි.
ගුවන් මගීන්ගේ මූලික අරමුණ වී ඇත්තේ ඔවුන්ගේ ගමන නියමිත වෙලාවට පිටත් වීම බැවින් ඒ සඳහා මෙම වැඩසටහන උපරිම වශයෙන් බැඳි සිටී.
ගුවන් සමාගමේ “පියාසැරියට සූදානම්” ඉලක්ක වෙත ළඟා වීම සඳහා පිටත්වීමේ දොරටු ගුවන් යානය පිටත්වීමේ වේලාවට විනාඩි 20 ට පෙර වසා දැමීමට කටයුතු කළ යුතු අතර මෙම කාල සීමාවෙන් පසු කිසිදු ගුවන් මගියෙකු ගුවන් යානය තුළට පිළිනොගන්නා අතර ඔවුන්ගේ පරීක්ෂා කළ ගමන් මලු ගුවන් යානයෙන් පිටතට ගැනීමට කටයුතු කරන බවද ගුවන් සමාගම දන්වා සිටී.
සියලුම ගුවන් මගීන් ගුවන් තොටුපළ වෙත වේලාසන පැමිණීමෙන් ගුවන් තොටුපළ කාර්යයන් සහ තම පෞද්ගලික අවශ්‍යතා වන ආහාර පාන ගැනීම සහ භාණ්ඩ මිළඳී ගැනීම් යනාදිය නියමිත වේලාවට සිදුකරහැකි වනු අතැයි ශ්‍රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් පවසයි.
(36698)
COMMENTS
හමුදා නීතිය වගේනේ තවත් රටේ නම කන වැඩක්ද කොහෙද. ලංකාවේ අය කවද්ද වෙලාවට වැඩක් කලේ ?
ලංකාවේ අයටත් පුරුදු කරන්න ඕනි වෙලාවට වැඩ කරන්න. හොද දෙයක් හොද තීරණයක්. නම් කියලත් කතා කරනවා කෝ නෑ කට්ටිය.
8 පාස් නැති දේශපාලකයන් විසින් නුගත් දේශපාලන හෙන්චයියන් ආයතන වල ඉහළ තානාන්තර වලට පත් කල පසු රටක දියුණුවක් බලාපොරොත්තු විය හැකිද ? එසේ පවතින රටක වෙලාවට වැඩක් කිරීමට ජනතාවට පෙර පාර්ලිමේන්තුවේ ඉන්න දේශපලකයන් හා ආයතන වල ඉහළ තානාන්තර දරන නිලධාරීන්ට පුරුදු කල යුතුයි. අද ආයතන පාලනය කරන්නේ උගතුන් නොවේ උගතුන්ට අණ දෙන්නේ 8 පාස් නැති දේශපාලකයන් විසින්ය ජනතාව මෙය අවබෝද කර ගත යුතුය.......... නැතහොත් ඉතියෝපියාවට සිදුවූ විනාශය ලංකාවට සිදුවණු නොවනුමානය