
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
නකල්ස් වැලි පෞද්ගලික වතු සමාගම නිල වශයෙන් ආරම්භ කිරීම සහ එම වතු සමාගමේ නිෂ්පාදන හඳුන්වාදීමේ උත්සවයක් කරන්දෙණිය පැරඩයිස් හෝටලයේදී පැවැත්විණ.
එම වතු සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක ප්‍රදීප් වලවේ සහ අධ්‍යක්ෂ සම්පත් රුවන් යන මහත්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් පැවති උත්සවයට ගාලු දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා, කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති මහීල් මුණසිංහ, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර, ලංකා බැංකුවේ ගාල්ල දකුණ ප්‍රාදේශීය කළමනාකාරිණී උදානි කාරියවසම්, ලංකා බැංකුවේ කරන්දෙණිය ශාකා කළමනාකාරිණී සුජාතා නානායක්කාර, කරන්දෙණිය මූලස්ථාන සමෘද්ධි කළමනාකරු නිහාල් චන්ද්‍රසිරි යන මහත්ම, මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගීවූහ.
කරන්දෙණිය, යක්කටුව ප්‍රදේශයේ නකල්ස් වැලි පෞද්ගලික වතු සමාගම් මූලස්ථානය පවතින අතර එම වතු සමාගමට අයත් කුරුඳු,,තේ,ගම්මිරිස් වගාබිම් ගාලු දිසාව ඇතුළු දිසා කිහිපයකම පවතී.
මේ වතු සමාගම නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවයේදී සිය වතුවලින් නෙළා ගන්නා අස්වැන්නෙන් නිෂ්පාදනය කෙරුණු නිෂ්පාදනද පළමු වරට හඳුන්වාදීම ද සිදු කෙරිණ.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නකල්ස් වැලි වතු සමාගම නිල වශයෙන් ඇරැඹේ