ලංකාවේ ස්වාභාවික පරිසර පද්ධතියේ අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කරන සත්ව විශේෂයක් ලෙස ලංකාවේ දිවියා හැඳින්විය හැකිය. මෙරට පරිසර දාමයේ ඉහළම විලෝපිකයා ලෙස, පාරිසරික සමතුලිතතාව පවත්වාගෙනයාම, සමතුලිත වනාන්තර පද්ධතියකට සහාය වීම මෙන්ම ජෛව විවිධත්වය සහ සම්පත් සුරක්‍ෂිතතාව කෙරෙහි බලපාන ස්වාභාවික ක්‍රියාවලි ආරක්ෂා කිරීමෙහිලා දිවියා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
දිවියන්ගේ ගහනය අඩුවීම හෝ ගැටුම්කාරී අවස්ථාවල වර්ධනයක් පෙන්නුම් කිරීම යනු, ස්වාභාවික පරිසරය පීඩනයට ලක්ව ඇති බවත් අත්‍යවශ්‍ය පාරිසරික පද්ධති පිරිහීමට පටන් ගෙන ඇති බවත් පෙන්වන පැහැදිලි දර්ශකයකි.
ලංකාව පුරා සාධක කිහිපයක් දිවි වාසස්ථානවලට සහ පුළුල් පාරිසරික අඛණ්ඩතාවට තර්ජනයක් වී ඇත. අක්‍රමවත් සංවර්ධනය හේතුවෙන් වන තීරු අහිමිවීම, දඩමස් සඳහා අටවන නමුත් නොසිතූ ලෙස හානිකරන මර උගුල් භාවිතය වේගවත්ත සිදුවන ඉඩම් එළිපෙහෙළි කිරීම සහ වර්ධනය වන මානව ආක්‍රමණ මේ අතර ප්‍රධාන වේ. මෙම සෑම තර්ජනයක්ම වාසස්ථාන විනාශ වීමට බලපාන අතර ජල සුරක්ෂිතතාව, පාංශු ස්ථාවරත්වය, ජෛව විවිධත්වය සංරක්ෂණය සහ දේශගුණික ඔත්තු දීමේ හැකියාව සඳහා අත්‍යවශ්‍ය පාරිසරික ජාල දුර්වල කරයි.
දිවියන් සංරක්ෂණය සඳහා DFCC බැංකුවේ මැදිහත්වීම, ජාතික සංවර්ධනයට සහ පාරිසරික ආරක්ෂණය එකිනෙක හා බැඳී ඉදිරියට යා යුතු බවට වන බැංකුවේ විශ්වාසයයි.
එම නිසා මෙරට ආරක්‍ෂණය සඳහා වූ ජාතික ප්‍රවේශය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇති, පර්යේෂණ පදනම් කරගත් පිළිගත් සංරක්ෂණ සංවිධානයක් වන වනජීවි හා වන සංරක්ෂණ භාරය (WWCT) සමග සුවිශේෂී හවුල්කාරීත්වයක් ඇතිකරගෙන ඇත.
DFCC බැංකුව පහත සඳහන් දෑ ඇතුළු මුල පිරීම් රැසකට සහාය දක්වයි.
දිවියාගේ පාරිසරික වැදගත්කම පිළිබඳව ජාතික මට්ටමින් දැනුවත් කිරීම.
මානව වනජීවී ගැටුම් අවම කිරීම සඳහා ප්‍රජා මූලික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
උගුල් ඇටවීම සහ තිරසාර නොවන ඉඩම් එළිපෙහෙළි කිරීම වැනි හානිකර ක්‍රියා සඳහා විකල්ප / විසඳුම් හඳුන්වා දීම.
වාසස්ථාන විනාශ වීම සහ වනජීවී සංචරණ මාර්ග පිළිබඳ පර්යේෂණ කටයුතු ශක්තිමත් කිරීම සහ විධිමත් කිරීම.
ඵලදායී සංරක්ෂණ ක්‍රියාවලියක් සඳහා ප්‍රජාව, ප්‍රතිපත්ති සම්පාදකයන්, ආයතන සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වය අත්‍යවශ්‍ය වේ. තවද වගකිවයුතු ඉඩම් පරිහරණය වන ගහනය ආරක්ෂා කිරීම සහ වනජීවීන්ට සිදුවන හානිවලට එරෙහිව ක්‍රියා කිරීම ජෛව විවිධත්වය සහ මානව ජීවනෝපායට සහාය වන පරිසර පද්ධති සුරැකීම අනිවාර්ය කටයුතු වේ.
දිවියන්ගේ ගහනය, රටේ ස්වාභාවික භූදර්ශනයේ අනාගතය සමග සෘජුවම සම්බන්ධ වී ඇත. වාසස්ථාන ආරක්ෂා කිරීමෙන් ලංකාව සිය ජල මූලාශ්‍ර, පාංශු සංරක්ෂණය, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව සහ ජෛව විවිධත්වය ආරක්‍ෂා කරයි. පාරිසරික සමතුලිතතාව තිරසාර සංවර්ධනය සඳහා මූලික වන බව හඳුනා ගනිමින් ජාතික සංරක්ෂණ ප්‍රයත්න සඳහා සහාය වීමට DFCC බැංකුව කැපවී සිටී.
2025 නොවැම්බර් මස 21
185
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1133
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දේශීය දිවියා ආරක්ෂා කිරීමෙන් පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීමට DFCC බැංකුව පෙරට