උපන් දිනය වෙනුවෙන් පැලයක් සිටුවන්නට කැමැත්තෙන් සිටින එහෙත් ඒ සඳහා බිමක් නැති ජනතාවට හොරණ කනන්විල ප‍්‍රදේශයෙන් අක්කර පනහක් වෙන් කළ බව කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා අද (16) කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පැවැත්වෙන ‘සිතමු‘ දේශීය ආහාර ප්‍රදර්ශනයට සහභාගී වෙමින් ප‍්‍රකාශ කළේය.
එසේ සිටුවන ගස් රජය බලා කියා ගන්නා බවත් කැමති විටෙක එහි ගොස් තමන් සමඟ වැඩෙන තමන් සිටවූ ගස බලන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරයා කීය.
කොළඹ ග‍්‍රීන්පාත් පෙදෙසේ හා විහාර මහා දේවි උද්‍යානයේ පැවැත්වෙන ‘‘සිතමු’’ ආහාර ප‍්‍රදර්ශනය වෙනුවෙන් දේශීය ආහාර නිෂ්පාදන රැසක් සහිත කුටි ගණනාවක් නිර්මාණය කර ඇති අතර විවිධ ආහාර වර්ග රස විඳීමේ හැකියාවද නැරඹීමට පැමිණෙන අයට හිමිවේ. 14, 15 හා 16 දිනවල පෙරවරු 10 සිට පස්වරු 10 දක්වා ප්‍රදර්ශනය පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දේශීය ආහාර රස බැලිය හැකි ‘සිතමු‘ දින තුනක්
ජයසිරි Sunday, 16 October 2016 01:53 PM
කොච්චර ලස්සනද , වටිනාකමක් තියෙනවද ඔය ජරා වහරිච්ච අල්ලුමීනියම් මුට්ටි ටික නැතිව මැටි වලන් වලින් කළා නම්, (අ)
ශාන් Sunday, 16 October 2016 05:28 PM
මේ වගේ ප්‍රවෘත්ති කියවන්න ලැබීමත් වාසනාවක්. අක්කර පනහක් කියන්නේ ඉතාම හොඳ ප්‍රමාණයක්. ජයවේවා ජයවේවා !! (නි)