IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


දරුණුම ආර්ථික අර්බුදයෙන් රට මිදුණේ IMF සහායෙන්

  • පුළුල් ප්‍රතිසංස්කරණවලට තාක්ෂණික සහාය
  • දැඩි අවදානමට ලක්වූවන්ට සමාජ ආරක්ෂණ දැලක්
  • සියයට 10 කින් හැකිළුණු ආර්ථිකයේ සියයට 5ක වර්ධනයක්
  • නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 6 ඉක්මවලා
  • අඛණ්ඩව වසර 2ක් ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක්

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකම් වැඩසටහන තාක්ෂණික සහාය ලබා දෙමින් විශාල කාර්ය භාර්යයක් ඉටුකළ බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් තාක්ෂණික සහාය සහ ප්‍රතිපත්ති උපදෙස් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් නිර්මාණය කිරීමටත්, ක්‍රියාත්මක කිරීමටත් සහායක් වූ බවද සිරිවර්ධන මහතා පැවැසුවේය. එම පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනට මුදල් ප්‍රතිපත්තිමය, මූල්‍ය, රාජ්‍ය පාලන සහ ආයතනික අභියෝග ආමන්ත්‍රණය කිරීමට හැකියාව ලැබුණු බව ඔහු ප්‍රකාශ කළේය..

එලෙස ක්‍රියාත්මක කළ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනට ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ආදායම් පාදක කරගත් මූල්‍ය හිඟය සහ ණය ප්‍රමාණය අඩුකර ගැනීමේ ප්‍රතිපත්ති, ආයතන ශක්තිමත් කිරීමේ ප්‍රතිසංස්කරණ අයත් වූ බව භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය.

පසුගිය 21 වැනිදා සිට හෙට (26) තෙක් ඇමෙරිකාවේ වොෂිංටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් යටතේ පැවැති ධාරිතා සංවර්ධන සමුළුවක විද්වත් කතිකාවකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. ශ්‍රී ලංකාවේ හිටපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, එම අරමුදලේ මූල්‍ය කටයුතු දෙපාර්තමේන්තුවේ ආර්ථික විද්‍යාඥයන් වන ඔස්ලම් අයඩින් සහ සින්ඩි නෙගස් යන නිලධාරීහු පිරිසක්ද මෙම කතිකාවට එකතු වූවේය.

ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ දැල පුළුල් කළ ආකාරයද මහින්ද සිරිවර්ධන මහතා එහිදී පෙන්වා දුන්නේය. රාජ්‍ය මූල්‍ය, ආදායම් පරිපාලනය, රාජ්‍ය පාලනය, මූල්‍ය විනිවිදභාවය සහ ඩිජිටල්කරණය යන ක්ෂේත්‍රවල සිදුකළ ධාරිතා සංවර්ධනය හේතුවෙන් තාවකාලික විසඳුම්වලින් ඔබ්බට යමින් ආර්ථික අර්බුදය ඇතිවීමට මුල් වූ හේතු ආමන්ත්‍රණය කිරීමට හැකියාව ලැබුණු බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවූ බලපෑම්වලට විසඳුම් සොයනවා වෙනුවට අර්බුදයට මුල්වූ හේතු ආමන්ත්‍රණය කිරීමට මෙම මූලික ප්‍රතිසංස්කරණවලට හැකියාව ලැබුණු බව භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය.

ඉන් ලැබූ ප්‍රතිඵල ඵලදායි බවත් 2022 සහ 2023 වසරේදී සියයට 10 කින් පමණ හැකිළුණු මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම ආපසු හරවමින් පසුගිය වසරේදී සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන බවත් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේදී සියයට 70 ක් ලෙස සටහන් වූ බවත් එය මෙම මස වනවිට සියයට 0 ආසන්නය තෙක් අඩුකර ගැනීමට හැකියාව ලැබී තිබෙන බවත් ඔහු පැවැසුවේය. මේ වනවිට මෙරට නිල විදෙස් සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6 සීමාව පසුකර තිබෙන බවද භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාරජය අඛණ්ඩව වසර දෙකක් ප්‍රාථමික අතිරික්තයන් පවත්වා ගෙන ගිය බවත් එය රජයේ මූල්‍ය විනය පෙන්නුම් කළ බවත් භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය.

කෙසේ නමුත් මෙරට ආර්ථිකයේ තිබෙන අවදානම් තත්වය ශ්‍රී ලංකාව හොඳින් දන්නා බවත් දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සඳහා අඛණ්ඩ මූල්‍ය විනයක් සහ සාර්ව ආර්ථික කළමනාකරණයක් අවශ්‍ය බවත් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

බාහිර ණය ගෙවීම තාවකාලිකව අත් හිටුවීම, තිරසාර නොවන ණය මට්ටම් සහ නිල විදෙස් සංචිත සිඳී යාම හේතුවෙන් මෙරට ඉතිහාසයේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය 2022 වසරේ අප්‍රේල් මස ආරම්භ වූ බව සිරිවර්ධන මහතා පැවැසුවේය. එම අවස්ථාවේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.3 ක් තරම් අඩු මට්ටමක පැවැති බවත් එය ලෝකය සමග සංසන්දනය කරන විට අඩුම මට්ටම්වලින් එකක් වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

ව්‍යුහාත්මක දුර්වලතා, ප්‍රතිපත්තිමය වැරදි පියවර සහ බාහිර කම්පන මගින් සංකීර්ණ වූ අතීතයේ සිට පැවැත ආ මූල්‍ය හා බාහිර හිඟය මෙම ආර්ථික අර්බුදයට හේතු වූ බවද ඔහු පැවැසුවේය. එම අවස්ථාවේ භාවිත කළ හැකි විදේශ විනිමය සංචිත ඩොලර් මිලියන 24 දක්වා පහත වැටුණු බවත් ඉන් මෙරට අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවූ බවත් භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය.

 



අදහස් (0)

දරුණුම ආර්ථික අර්බුදයෙන් රට මිදුණේ IMF සහායෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

ශ්‍රී ලංකන් කාගෝ දකුණු ආසියාවේ ප්‍රථම වරට IATA ලිතියම් බැටරි සහතිකකරණය හිමිකරගනී
2025 මැයි මස 09 2 0

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo) පසුගියදා CEIV ලිතියම් බැටරි සහතිකකරණය (Center of Excellence for Independent Validators – Lithium Batteries) හිමි ක


රවීන්ද්‍ර එදිරිසිංහ ලාෆ්ස් ගෑස් - ලාෆ්ස් පවර් අධ්‍යක්ෂ මණ්ඩලයට
2025 මැයි මස 09 7 0

ලාෆ්ග් ගෑස් පීඑල්සී සහ ලාෆ්ස් පවර් පීඑල්සී යන සමාගම්වල නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස රවීන්ද්‍ර ප්‍රභාත් එදිරිසිංහ මහතා පත් කරගත් බව එම සමාගම පවසය


ජෙගදීසන් දුරෙයිරත්නම් ටෝකියෝ සිමෙන්ති අධ්‍යක්ෂ මණ්ඩලයට
2025 මැයි මස 09 11 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ජෙගදීසන් දුරෙයිරත්නම් මහතා පත් කරගත්


Prime රෙසිඩන්සීස් නවතම ව්‍යාපෘතිය ‘One Tangalle’ වැඩ ඇරඹේ
2025 මැයි මස 09 6 0

ශ්‍රී ලංකාවේ දක්ෂිණ සාගරය හා තංගල්ල කලපුව හමු වන මනරම් නිසංසල පරිසරයක පිහිටා ඇති One Tangalle’ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා නිල වශ


FitsAir ගුවන් සමාගම ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි
2025 මැයි මස 09 11 0

ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වය සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් සහ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, 2025 අප්‍රේල් 25 වන දින සිට


BWIO රන් සම්මානයෙන් EKRO Lanka Trading පිදුම් ලබයි
2025 මැයි මස 09 10 0

EKRO Lanka Trading පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපාංග අංශයේ ප්‍රමුඛතම ආනයනකරු හා බෙදා හරින්නා ලෙස රන් සම්මාන ලැබුවේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1252 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 320 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site