IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දර්ශන පිබිදීම කෙරේ බලාපොරොත්තු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් ගේ පැමිණීම සහ ඔවුන් දක්වන ලද දැනට කරගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවට හිමිවිය හැකි අවසන් අවස්ථාව බව දක්වන ප්‍රකාශ වෙළෙඳපොළ කෙරෙහි බර තබා ඇති බව නිරීක්ෂණය කළ හැක. ජනාධිපතිවරයා ද සිය අපරිමිත උත්සාහය හා නැවත අරමුදලේ සහාය නොගන්නා තැනකට රට ඔසවන බව ද මෙහි දී අවධාරණය කර තිබේ. කෙසේ වෙතත් වෙළෙඳපොළ දර්ශක තරමක පිරිහීමකින් ගනුදෙනු අවසන් කෙරිණ.

ඊයේ (ජුනි 16) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,360.19 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 66.89 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,155.48 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 36.38 පසුබැසීමක් සේ වාර්තා වේ. දිනය ආරම්භයේ තියුණු පසුබෑමක් වාර්තා කළ අතර සියලු කොටස්මිල දර්ශකය ඒකක දහ හත්දහස ට වඩා අඩුවිය හැකි අවදානමක් ද පෙන්නුම් කරන ලද නමුත් මධ්‍යහ්නය වන පසු නැවත ආවරණයවීමක් සිදුවිය. 

මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 27,595 කි. සමාගම් 122 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 115 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 3,149.49 ක් විය. කොටස් මිලියන 149.4 ක් හුවමාරු වූ බව දැක්වේ. ශුද්ධ අවාසියක් විදේශ ගනුදෙනුවල දී සිදුවිය. මිල දී ගැනීම් රු. මිලියන 89.8 ක් වූ අතර විකිණීම් රු. මිලියන 167.8 කි. 

ජෝන් කීල්ස් රු. මිලියන 186 ක්, එල්වීඑල් එනර්ජි රු. මිලියන 150 ක්, ලංකා ඉන්දියන් ඔයිල් රු. මිලියන 136 ක්, සම්පත් රු. මිලියන 133 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 83 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 83 ක්, එල්. බී. ෆිනෑන්ස් රු. මිලියන 79 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 76 ක්, ඩයලොග් රු. මිලියන 75 ක්, ඩිජිටල් මොබිලිටි රු. මිලියන 72 ක්, සෙන්ට්‍රල් ෆිනැන්ස් රු. මිලියන 69 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 65 ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රු. මිලියන 64 ක්, ලංකා මිල්ක් ෆුඞ් 61 ක්, පෑන් ඒෂියා රු. මිලියන 59 ක්, වැලිබල් වන් රු. මිලියන 55 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 47 ක්, සහ මාස්ටර්ක්‍රොප් රු. මිලියන 46 වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.

නිරීක්ෂක

 



අදහස් (0)

දර්ශන පිබිදීම කෙරේ බලාපොරොත්තු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site