(ශිරාන් රණසිංහ)
ඩිජිටල් කාඩ්පත් මගින් දුරගමන් පෞද්ගලික බස්රථවල ආසන වෙන්කර ගැනීමේ පහසුකම මෙරට මගීන්ට ලබාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
මෙහි මුල් පියවර යටතේ දුර ගමන් පෞද්ගලික බස්රථවල ආසන අන්තර්ජාලය ඔස්සේ වෙන් කරගත හැකි ලෙස ‘ඔන්ලයින් බුකින්’ ව්‍යාපෘතිය අරඹා තිබේ.
ඒ යටතේ www.ntcbooking.lk වෙබ් අඩවිය ඔස්සේ දුරගමන් බස්රථවල ආසන වෙන්කිරීමේ පහසුකම මෙරට මගීන්ට උදා කර දී ඇත.
මේ සඳහා ගමන් ගාස්තුවලට අමතරව රුපියල් 30ක මුදලක් අය කෙරේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත මෙම පහසුකම මගීන්ට ලබා දී ඇත.
මෙම නව වෙබ් අඩවිය හරහා කොළඹ සිට කතරගම, යාපනය, බදුල්ල, අම්පාර, දෙනියාය, පස්සර, ලුණුවිල, අකුරැස්ස, තිරුක්කෝවිල්, මඩකලපුව, පේදුරුතුඩුව, මඩොල්සිම, අනුරාධපුර, ඩයගම, ත්‍රිකුණාමලය ඇතුළු මාර්ග 35ක දුරගමන් බස්රථවලට මෙම පහසුකම හිමිකර දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකමටවත් මේ පිටුවට ගිහින් බැලුවාද? නැහැ... මෙය ක්‍රියාත්මක වෙන්නේ ඔක්තෝම්බර් මස 1 වැනිදා සිට කියා ඇත. ඒ ගැන ලියන්න අමතක වෙලා වගේ.. අනික මේ මෙහි ඇති නගර අකුරු පිළිවෙලට නොමැත. සොයා යන්න ඕනේ මුළු ලිස්ට් එකම... අනික් දේ මොන බස් රථයද ආදිය කිසිවක් දැනට මෙහි නැත.
මේ වගේ දෙයක් කරන්න කලින් ටෙස්ටින් කරලා දැම්මා නම් හොඳයි.
කොලඹ හා අවට බස් සේවාව සැපයීමට තනි අයිතිකරුවන් වෙනුවට බස් සමාගම් යෙදවිය යුතුය. බස් වල ප්‍රමිතිය, සේවකයන්ගේ ප්‍රමිතිය , රාත්‍රී ගමන් වාර ටෙන්ඩරය තුළ ඇතුළත් විය යුතුය. රේස් යාම , සෙමින් යාම , හවස 6 න් පසු සේවය නවතින්නේ තනි තනි බස් රථ තමන්ගේ ලාභය වැඩි කිරීමට උත්සහ දරන නිසයි.
හොද අදහසක්.. දුර ගමන් සේවා අධිවේගී මාර්ගයේත් ක්‍රියාත්මක කරන්න ...
මොනවා නැතත් මුලින්ම හොයන්නේ වැරැද්දක්මයි.