විවිධ මල්කම් ලියකම් ආදිය යෙදූ දුම්බර රටාවට අද ඉහළ මිලක්
විදේශ විනිමය උපයන්නට පුළුවන් සංචාරක ව්‍යාපාරයත් එක්ක බද්ධ වෙච්ච හොඳ කර්මාන්තයක්
දෙස් විදෙස් සංචාරකයන්ට දුම්බර රටා මිලදී ගැනීමට කොවිල්මඩ ගම්මානයේ දුම්බර රටා අලෙවි සලක්
හසලක සුනිල් ඒකනායක
දුම්බර රටා ගැන අසන විට අපේ මතකයට එන්නේ උඩදුම්බර තලගුණේ ගම්මානයයි. පරම්පරා හතකට පමණ ඈත අතීතයකට උරුමකම් කියන මේ නිර්මාණකරුවෝ අදත් දුම්බර රටා වියමනේ නිරතවී සිටිති.
විද්‍යාව කොතරම් දියුණු වුවද දුම්බර රටා ඇත්තේ සම්ප්‍රදායික අත්කම් කර්මාන්තය යටතේය. නුල් එතීමට යන්ත්‍ර සුත්‍ර භාවිත කළ ද රෙදි රටා දැමීමට පැරණි ක්‍රමයම භාවිත කෙරේ. මැෂිමේ වැඩ කරන කෙනාගේ දෑත පමණක් නොව දෙපා ද ඊට අපමණ වෙහෙසක් දරයි.
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇති මෙම අත්කම් නිර්මාණ ගම්මානයේ මේ වෙන විටත් පවුල් අටක 70ක පමණ පිරිසක් මෙම කර්මාන්තයේ නිරත වී සිටින බව සඳහන් වේ.
මෙරට දුම්බර රටා යුනෙස්කෝ සංවිධානය විසින් “සංස්කෘතික උරුමයක් ” ලෙස ප්‍රකාශයට පත්කර ඇතැයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය සඳහන් කරයි. ප්‍රංශයේ පැවති යුනෙස්කෝ සංස්කෘතික උරුම කමිටුවේ 16 වැනි අන්තර් රාජ්‍ය හමුවේදී දුම්බර රටා සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතැයිද වාර්තාවේ.
මේ නිර්මාණකරුවෝ තම පරම්පරාවේ ආරම්භය කුවේණිගෙන් ආරම්භ වු බව කියති. විජය කුමාරයා තම්බපන්නියෙන් ලක්දිවට එන විට කුවේණිය සිටියේ කපු කටිමිනි. එකල කුවේණිය පදිංචිව සිටියේ නකල්ස් මහ වනයේ පිහිටි අති දුෂ්කර ගම්මාන අතරට එක් වී ඇති හසලක ප්‍රදේශයේ මහ වනයේ පිහිටි ගලමුදුන නැමැති ගම්මානයේ බවට ජනවහර විශ්වාස කරයි. මෙම ගම මායිමේ කුවේණිය කපු කටිමින් සිටි ස්ථානයක් ද ඇති බව ගලමුදුන ගමේ පැරැන්නෝ පවසති.
විවිධ මල්කම් ලියකම් ආදිය යෙදු දුම්බර රටාවට අද ඉහළ මිලක් ඇත්තේය. ඒ නිසාම මහනුවර මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන්ට ද එම දුම්බර රටා මිලදී ගැනීමට උඩදුම්බර කොවිල්මඩ ගම්මානයේ දුම්බර රටා අලෙවි සලක් අද විවෘතව පවතී. එම මධ්‍යස්ථානයේ අයිතිකරු වන්නේ හය වැනි පරම්පරාවේ සාමාජිකයකු වන චන්දන යාපගේ මහතායි.
අතීතයේ සිට පැවත එන කර්මාන්තය රැක ගැනීමට යාපා ගෙදර පරපුරේ වර්තමාන පිරිස වෙහෙස දරන්නේය. එහෙත් හෙට පරපුර මෙය රැක ගනීවි ද කියා ඔවුන්ට ඇත්තේ අවිනිශ්චිත බවකි.
මෙම කර්මාන්තයේ නියැළී සිටින උඩදුම්බර තලගුණේ ගමේ පදිංචි චන්දන යාපාගේ සිය කර්මාන්තය පිළිබඳ මෙසේ විස්තර කළේය.
මම දැනට කරන්නේ දුම්බර රටා සම්ප්‍රදායික අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයයි. මම අපේ අත්තලා මුත්තලාගෙන් ඉගෙන ගත්තු තාක්ෂණයත් එක්ක පාරම්පරිකව කර ගෙන එන්නේ. අපිට හමුවෙලා තියෙන ලිඛිත සාක්ෂිත් එක්ක හත්වැනි පරම් පරාවට අයිති වෙන කර්මාන්තයක්. උඩරට රාජධානි සමයේදී රාජසිංහ රජ්ජුරුවන්ට වුවමනා කරන ඇඳුම් ආයිත්තම් සැරසිලි මෝස්තර මාලිගාවට අවශ්‍ය ඇතිරිලි ආදි දේ කරලා දීලා තියෙන්නේ අපේ මුත්තම්මලායි. මුත්තම්මාගේ නම ටිකිරානිග මුත්තම්මාගේ පිංතුරය කොළඹ ජාතික කෞතුකාගාරයේ අදටත් තියෙනවා. මුත්තම්මාගේ නිර්මාණ මහනුවර කෞතුකාගාරයේත් කොළඹ කෞතුකාගාරයේත් දක්නට තිබෙනවා. ඊට අමතරව මේ මෑතකදී හොයාගෙන තියෙනවා මහා බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා ඇල්බට් කෞතුකාගාරයේ තියෙන බව. මම හිතන්නේ රජ්ජුරුවෝ ඒ කාලේ තෑගි දීපුවාද එහෙමත් නැත්නම් මෙහෙන් අරගෙන ගිය ඒවාද කියා කියන්න හරියටම දන්නේ නැහැ. මේ කෞතුකාගාරයේ තියෙනවා අපේ ගමේ අක්කලා වියපු ඇතිරිලි. ප්‍රධානතම ඇතිරිලි තියෙන ආසියාතික කලාපයේ නවදිල්ලියේ තියෙනවා සාම්ප්‍රදායික පරණ රෙදි ප්‍රති නිර්මාණය කරලා හදපු කෞතුක වස්තු තැන්පත් කරපු ස්ථානයක්.
මේ කර්මාන්තය විදේශ විනිමය උපයන්නට පුළුවන් සංචාරක ව්‍යාපාරයත් එක්ක බද්ධ වෙච්ච හොඳ කර්මාන්තයක්. අපිටම උරුම වු දේශිය අනන්‍යතාවක් තියෙන තලගුණේ ගම්මානය හැඳින්වෙන්නේ ලංකාවේ සම්ප්‍රදායික රෙදි පිළි නිපදවන පැරණිතම ගම්මානය හැටියටයි. සම්ප්‍රදායික මෝස්තරවල තිඹිරි ගෙය උඩදුම්බර තලගුණේ ගමයි. මම රන්සිළු සම්මානයත් ජාතික අත්‍යන්ත සම්මානයත් ලබාගෙන තිබෙනවා. අපි අපේ දේ හොඳටම අගේ කරනවා. අපි වැඩිපුරම නිර්මාණය කරනු ලබන්නේ බිත්ති සැරසිලි හා කමිසයි. අපි සම්ප්‍රදායික සැරසිලිවලින් බැහැර වී නව නිර්මාණ කිරිමටද අත්හදා බැලිම් කර තිබෙනවා. ඒ අතර නව උඩරට මංගල ඇඳුමක් ද නිර්මාණය කර තිබෙනවා. එසේ කළ නිර්මාණ අපගේ උඩදුම්බර කොවිල්මඩ ගමේ ඇති වෙළෙඳසලේ තබා තිබෙනවා.
තලගුණේ ගමේ පදිංචි හයවැනි පරම්පරාවේ සමාජිකයකු වන යාපාගේ සිරිසේන මහතා මෙසේ සඳහන් කරයි.
අතිතයේදි අපේ මුතුන් මිත්තෝ මේ කර්මාන්තයට අවශ්‍ය කපු මෙහිම වවලා කපු හේන් වවාගෙන කපු කැටලා පුළුන් නුල් අරගෙනයි කර්මාන්තය කරලා තියෙන්නේ. ඒ වගේම පරිසරයේ තියෙන ගස්වල සාරය කොළ පොතු ගෙඩි වර්ග සමහර පස් වර්ග ආදී ස්වාභාවික දේ වලින් සායම් පොවාගෙන තමයි ඒ කාලේදි අමුද්‍රව්‍ය හදාගෙන තියෙන්නේ. ඒක දිගින් දිගට ටිකින් ටික විකාශනය වෙලා පරම් පරාවෙන් පරම් පරාවට වැඩි දියුණු වේවි ඇවිත් තියෙනවා. ඒ කාලේදි ඒ අය මේක කරලා තියෙන්නේ ප්‍රධාන කර්මාන්තයක් හැටියට නෙවෙයි. හේන් ගොවි තැන් කුඹුරු ගොවි තැන් කරන අතරේ හම්බවෙන විවේක කාලයේදි තමයි කරලා තියෙන්නේ. දැන් වෙද්දි මේක ව්‍යාපාරික මට්ටමට ඇවිත් තියෙනවා.
දුම්බර රටාවල අලුව යනුවෙන් හැඳින්වෙන්නේ මැෂිමයි. අද මෙන් පාට නුල් නොතිබූ අතිතයේදි කපු නුල් පාට කරගෙන ඇත්තේ වරකා අරටුව, ගොටු කිරි, පතඟි අරටු, බුළු ආදි ශාක කොටස් හා ගුරු පස් ආදිය භාවිත කර ගෙනයි. අතිතයේ හදිසියේ ඇති වූ ගින්නකින් මෙම කර්මාන්තය සහමුලින්ම විනාශවී ගිය බවත් වියන ලද රෙදි දැවි ගොස් අළු මත රටා එලෙසින්ම තිබූ අතර එම රටා අද නැවත මැෂින් හදාගෙන මෙම කර්මාන්තය ආම්භ කළ බව ගමේ පැරන්නෝ පවසති. එතැන් පටන් මේ කර්මාන්තය අලුවලේ වියමන ලෙසින් හඳුන්වා ඇති බවයි සඳහන් වෙන්නේ. කෙසේ වුවද තලගුණෙ ගැමියෝ පවතින විවිධ දුෂ්කරතා මැද පාරම්පරික මේ කර්මාන්තය රැකගෙන මතු පරපුරටත් දායදා කිරීමට කැප වි සිටිති.
මහනුවර මහියංගන සංචාරක මාර්ගය ආසන්නයේ උඩදුම්බර ප්‍රදේශයේ පිහිටි මෙම තලගුණේ ගම්මානය සංචාරක ගම්මානයක් වශයෙන් නම් කිරීමට සංචාරක මණ්ඩලය, පෙහෙකම් කර්මාන්ත මණ්ඩලයේ හෝ උඩදුම්බර ප්‍රාදේශීය සභාවේ අවධානය යොමු කිරීම වැදගත්ය. එම ගම හා කර්මාන්තය සංවර්ධනයකර වැඩි වශයෙන් විදේශීය සංචාරකයන්ගේ ඇස ගැටීමට යොමු කරන්නේ නම් මේ කර්මාන්තකරුවාගේ නිෂ්පාදනවලට ඉහළ මිලක් ලබාගැනීමට මෙන්ම විදේශ විනිමය වැඩි වශයෙන් උපයාගැනීමට සංචාරක මණ්ඩලයටත් ප්‍රාදේශිය සභාවටත් හැකිවන බව සංචාරක මග පෙන්වන්නකු වන පරිසරවේදි මහින්ද විජේසිංහ මහතා සඳහන් කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දුම්බර රටා නිර්මාණවලට වෙළඳපොළක් හදමු