විමුක්ති එස් රුද්‍රිගු
ආසියානු සංවර්ධන බැංකුව රටවල් සඳහා ලබාදෙන සහාය රටින් රටට වෙනස් වන බවත් ශ්‍රී ලංකාව සඳහා වන උපාය මාර්ගික හවුල්කාරිත්වය 2024 සිට 2028 දක්වා දිවයන බවත් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂක ටකෆුමි කඩානෝ මහතා ඉකුත්දා ප්‍රකාශ කළේය.
රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර සහයෝගීත්වය ගොඩනගා ගනිමින් නවීන තාක්ෂණය මත පදනම් ඒකාබද්ධ විසඳුම් ලබාදීමට උපාය මාර්ගික හවුල්කාරීත්වයෙන් ආසියානු සංවර්ධන බැංකුව බලාපොරොත්තු වන බව ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාව සඳහා වන උපාය මාර්ගික හවුල්කාරිත්වයෙන් මෙරට වර්ධනය වෙමින් පවතින න්‍යාය පත්‍රයට දැනුම මත පදනම් වූ සම්පූර්ණ සහයක් ලබාදීම ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේය.
ඒ යටතේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 5 ක පුරාවට ඉංජිනේරු පීඨයක්, වෛද්‍ය පීඨයක් සහ තොරතුරු තාක්ෂණ පීඨ ස්ථාපිත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව සහාය ලබාදෙන බවත් එක් පීඨයක් දැනටමත් විවෘත කර තිබෙන බවත් ඔහු පැවැසුවේය. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය මත සංවර්ධනය වන පීඨ මෙරට ආර්ථිකය සංවර්ධනයට දායකවන විශ්වවිද්‍යාලවල ධාරිතාව ගොඩනැගීමට සාක්ෂියක් වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
එය මෙරට ආර්ථිකයට, සමාජ සංවර්ධනයට සහ පර්‌යේෂණවලට සහායක් වනු ඇති බවද කඩානෝ මහතා පැවැසුවේය. එමගින් ආර්ථික පරිවර්තනය සඳහා දැනුම් මාර්ග සිතියමක් නිර්මාණය වන බවත් තරුණ පරම්පරාව ආර්ථික පරිවර්තනයේ ප්‍රධාන සාධකයක් බවත් ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
දැනුම මත පදනම් වූ සංවර්ධනය මගින් ගුණාත්මකභාවයෙන් වැඩි නිෂ්පාදන සිදු කිරීම සඳහා සම්පත් යොමු කිරීමට අවස්ථාව ලැබෙන බවත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් නිෂ්පාදන හා සේවා ගෝලීය වෙළෙඳපොළට ප්‍රවේශය ලබාදෙන බවත් කඩානෝ මහතා පැවැසුවේය. එමගින් හොඳ රැකියා නිර්මාණය වන බවත් ආර්ථික ව්‍යූහය වෙනස් වන බවත් කඩානෝ මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1074
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැනුම මත පදනම් වූ සංවර්ධනයෙන් ආර්ථික ව්‍යූහය වෙනස් කරන්න පුළුවන්