IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දිනකට දර්ශක දෙසියයක් බැගින් සියලු කොටස් මිල ඉහළට

ඉකුත් ගනුදෙනු දින හතරක කාලය තුළ සියලු කොටස් මිල දර්ශකය දළ වශයෙන් දිනකට ඒකක දෙසියයකින් පමණ ඉහළ ගොස් තිබේ. මෙම උද්වේගකර ප්‍රසාරණය කොටස් වෙළඳාම සම්බන්ධ අලුත්ම වාර්තා සහිත ස්වභාවයකි. සමාගම් පනස් දෙකක කොටස් මිල සති පනස් දෙකක් තුළ ඉහළම අගයක හුවමාරු වෙමින් තිබේ. මිල දී ගැනීම් සඳහා තවත් උනන්දුව පවතින අතර ඇතැම් ප්‍රමුඛ සමාගම්වල කොටස් අයිතිකර ගැනීම සඳහා තියුණු තරගකාරීත්වයක් පවතී. දෛනික පිරිවැටුම, ගනුදෙනු ප්‍රමාණය හා හුවමාරු වූ කොටස් ප්‍රමාණය ඉහළම තැනකට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ සංවර්ධන වේගය සම්බන්ධයෙන් පවතින පුරෝකථන මෙහිලා විශේෂයෙන් බලපා ඇත. ඇමරිකා එක්සත් ජනපදනය පනවන ලද අලුත් බදු හේතුකොට ගෙන ආර්ථික වේගය අඩාළ විය හැකි බවට මතයක් තිබුණ නමුත් තවමත් එවැනි සාධක නැත. මේ අතර බ්‍රිතාන්‍ය රජය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන මිල දී ගැනීමට සූදානම් බව ප්‍රකාශ කිරීම අපනයන අංශය ප්‍රබෝධවත් කර තිබේ. අපනයනය, සංචාරක හා විනෝදාත්මක සහ බැංකු හා මූල්‍ය අංශවල කොටස් සඳහා ඉල්ලුමක් ඇති විය හැකිය. 
ඊයේ (අගෝ 20) ගනුදෙනුවල දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,714.80 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 143.73 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,105.00 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 49.08 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 11.14 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 52,128 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 452.17 ක් විය. සමාගම් 165 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 97 කි. 
හැටන් නැෂනල් ෆිනෑන්ස් ලිමිටඩ් රු. මිලියන 475 ක්, එල්.වී.එල්. එනර්ජි රු. මිලියන 459 ක්, සියෙරා කේබල් රු. මිලියන 314 ක්, සම්පත් බැංකුව රු. මිලියන 290 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 261 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 195 ක්, ජෝන් කීල්ස්රු. මිලියන 189 ක්, එන්.ඩී.බී. රු. මිලියන 173 ක්, ඊස්ට් වෙස්ට් රු. මිලියන 170 ක්, හැටන් නැෂනල් නිෂ්ඡන්ද රු. මිලියන 168 ක්, අමානා බැංකුව රු. මිලියන 162 ක්, ඩී.එෆ්.සී.සී. රු. මිලියන 158 ක්, ඩිජිටල් මොබිලිටි රු. මිලියන 152 ක් පෑන් ඒෂියා රු. මිලියන 144 ක් සහ එල්.බී. ෆිනෑන්ස් රු. මිලියන 140 ක් වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය. 

නිරීක්ෂක



අදහස් (0)

දිනකට දර්ශක දෙසියයක් බැගින් සියලු කොටස් මිල ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site