
මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (අනුකූලතා) සමන්ති සේනානායක සම්මානය ලබා ගන්නා අයුරු. ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා ද මෙහි වෙයි.
ශ්‍රී ලංකා ණය හා තොරතුරු කාර්යංශය (CRIB) සංවිධානය කළ CEO’s Forum and Institutional Rating Awards Ceremony 2025 සම්මාන උළෙලේදි මහජන බැංකුව, දත්තවල ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව වෙනුවෙන් දැක්වූ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.
ඒ අනුව මහජන බැංකුවට ඉහළ කාර්යසාධන කාණ්ඩ දෙකක් වන යාවත්කාලීන තොරතුරු පවත්වාගෙන යාම සහ ඉහළම වලංගුභාවයක් පවත්වාගෙන යාම යටතේ සම්මාන හිමිවිය.
මෙම සම්මාන උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති අතර, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ජේ.පී.ආර්. කරුණාරත්න යන මහත්වරු ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.
දත්ත අඛණ්ඩතාව, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ තොරතුරු කළමනාකරණයේ ඉහළම පිළිවෙත් අනුගමනය කිරීම වෙනුවෙන් මහජන බැකුව සතු නොසැලෙන කැපවීම මෙම සම්මාන මඟින් යළි යළිත් තහවුරු වෙයි. මහජන බැංකුව ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයයේ මධ්‍යම තොරතුරු ගබඩාවෙහි මුළු දත්ත පරිමාවෙන් සියයට 20ක් පමණ නියෝජනය කරමින්, මිලියන 4ක පමණ ගනුදෙනු හරහා සිය දායකත්වය ලබාදෙයි. එමගින් ජාතික ණය යටිතල පහසුකම් සැපයීම සඳහා ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන්නකු ලෙස එහි හැකියාව සහ වගකීම තවදුරටත් ඉස්මතු වේ.
මේ ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය. ‘මෙම ඇගයීම අපට ඉමහත් ගෞරවයක් වන අතර, අප කණ්ඩායමේ සාමූහික කැපවීම සහ වෘත්තීයභාවය ඉන් පිළිබිඹු වනවා. මෙම ජයග්‍රහණය, විශිෂ්ටත්වය වෙනුවෙන් අපගේ කැපවීම සහ ශක්තිමත් දත්ත පාලනයෙන් රටේ මූල්‍ය පද්ධතියට සහාය වීම සඳහා අප විසින් ඉටුකරනු ලබන වැදගත් කාර්යභාරය නැවතත් තහවුරු කර තිබෙනවා.’
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1969										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දත්තවල ගුණාත්මකභාවය හා විශිෂ්ටත්වයට මහජන බැංකුවට සම්මාන