(හර්ෂණ තුෂාර සිල්වා)
දකුණු ආසියාවේ පළමු සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ගිවිසුමකට එළැඹ තිබේ.
විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂක යෝන් සොරෙන්සන් යන මහත්වරු එම ගිවිසුමට අත්සන් තැබූහ.
ආර්ථික සංවර්ධනය සහ ජාතික සංවර්ධන ප්‍රමුඛතා ඉලක්ක කර ගනිමින් කෙරෙන මෙම ව්‍යාපෘතියේ පිරිවැය එක්සත් ජනපද ඩොලර් මිලියනයක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, රාජ්‍ය හා පෞද්ගලික පාර්ශවකරුවන්ගේ දායකත්වයෙන් “තිරසර මානව සංවර්ධනය උදෙසා පෙර දැකීම හා නවෝත්පාදනය” යන තේමාව යටතේ පසුගිය වසරේ මැයි මාසයේ පැවැති පළමු ජාතික සමුළුවේ ප්‍රතිඵලයක් ලෙස මෙම විද්‍යාගාරය ඉදි කෙරේ.
ජාතික සංවර්ධන ප්‍රමුඛතාවලට වැඩි අවධානයක් යොමු කරන මෙම විද්‍යාගාරය ශ්‍රී ලංකා රජයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක වන අතර රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සමඟ ස්වාධීන ආයතනයක් ලෙසින් කටයුතු කරයි.
වසරේදී පළමු මෙහෙයුම් කටයුතු ආරම්භ කරන මෙම විද්‍යාගාරය වසර තුනක නියමු ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක වේ.
කොළඹ කාර්මික තාක්ෂණ ආයතන භූමියේ මෙම විද්‍යාගාරය ඉදි කෙරේ. ලොව සංවර්ධිත රටවල් පර්යේෂණ සහ සංවර්ධනය සහ නවෝත්පාදනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3ක මුදලක් වෙන කරන අතර මෙම ව්‍යාපෘතිය ඔස්සේ ශ්‍රී ලංකාව ද ඒ සඳහා යොමුවෙමින් සිටියි.


2025 දෙසැම්බර් මස 04
421
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
453
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණූ ආසියාවේ ප්‍රථම සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරය ලංකාවට
kasun sandaruwan Tuesday, 26 September 2017 10:59 AM
ඉතා හොද වැඩක්. සංවර්ධන ව්‍යාපෘති නිසි ආකාරයට කරන්න මෙම ආයතන යොදා ගත යුතුය.