නිශාන්ත කුමාර සහ කේ.ඩී රත්න
මෙරට තේ වගාවට ඇත්තේ වසර සිය ගණනක ඉතිහාසයකි. එසේ වුවද එදා මෙදා තුර කාලයේ දී තේ දලු නෙලීම සිදු වූයේ වතු කම්කරු කාන්තාවන්ගේ දෑතෙ හි සවියෙනි. ඒ සඳහා කිසිදු විකල්ප ක්‍රමවේදයක් ද නොතිබිණි.
එහෙත් මේ වන විට ඇතැම් වතු සමාගම් ආශ්‍රිත වතුකම්කරුවන්ට දලු නෙලීම සඳහා උපකරණයක් හඳුන්වා දීමට ඇතැම් වතු සමාගම් පියවර ගෙන ඇත.
අදාළ උපකරණයෙහි සවිකළ කතුරක් මගින් එක්වර විශාල දලු ප්‍රමාණයක් කඩා ගත හැකිවීම මෙම උපකරණයේ විශේෂත්වයකි.
මෙම උපකරණය භාවිතා කිරීම හේතුවෙන් දලු අස්වනු නෙලීමේ ශීඝ්‍රතාවය දෙගුණයකින් පමණ වේගවත් වී ඇතැයි දලු නෙලන්නෝ පවසති.
වෙනදා අතින් දලු නෙළීමේ දී දිනකට කිලෝ ග්‍රෑම් දහයක් පහළොවක් පමණ කඩන කාන්තාවන් මෙම උපකරණය භාවිතා කිරීමත් සමඟම දිනකට දළු කිලෝ ග්‍රෑම් 25 - 30 ක් අතර ප්‍රමාණයක් කඩා ගන්නා බවද ඔවුන් පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැෂින් නැතිවත් අපේ කාන්තාවො දිනකට දලු කිලෝ 4 ක් පමනා කඩනවා.
මේක අලුත් දෙයක් වෙන්නේ ලංකාවට... වෙනත් රටවල මේක පාවිච්චි කරන්නේ ගොඩක් කාලෙක ඉඳලා.. නමුත් උසස් තත්වයේ තේ හදන්න අතින් කඩන්න වෙනවා.
සමාගම් කර්යක්ෂමතාවය වැඩිකිරීමට ගොස් ලංකා තේ වල ගුණාත්මක භාවය නැතිකරනවා. අතින් කඩනකොට තේ දල්ලේ යි කඩන්නේ. මේකෙන් මෝරපු කොලත් එකතුවෙනවා. කෙන්යාවේ චීනයේ ආර්ජන්ටිනාවේ මේවා තියනවා.