IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් සමාගමට SLIA විශිෂ්ටතා සම්මාන

ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය (SLIA) සංවිධානය කළ වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී (Annual Product Awards) දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් ආරක්ෂාව පිළිබඳ ඉහළ ප්‍රමිතිවලට අනුකූලව නිපදවන, ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන දොරවල් සඳහා විශිෂ්ටතා සම්මානයක් දිනා ගත්තේය. කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත එම සම්මානය පිරිනමන ලදී.
 කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු ත්‍රී සිංහ සමාගම වර්තමානයේදී මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය සන්නාමයක් බවට පත් වී තිබේ. ගුණාත්මකභාවය, නව්‍යකරණය සහ විශ්වාසනීයභාවය පිළිබඳව ප්‍රමුඛ අවධානය යොමු කරන එම සමාගම දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද විශාල කීර්තියක් දිනා ඇත. ඉහළ ප්‍රමිති අනුගමනය කිරීම වෙනුවෙන් තත්ව සහතික රැසක් ලබා ඇති එම සමාගම දෙස් විදෙස් සම්මාන රැසක්ද දිනා තිබේ.
ත්‍රී සිංහ සමාගම පුළුල් පරාසයක විහිදී ඇති නිෂ්පාදන සහ සේවා සපයයි. ඒ අතර රෝලර් ඩෝ, ෂටර් සහ ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන දොරවල් ප්‍රධාන වේ. උපරිම ආරක්ෂාවක් ලැබෙන පරිදි ඉහළ ප්‍රමිතිවලට අනුව එම දොරවල් නිපදවා ඇත. ඇලු‍මිනියම් සැකැසුම්, සංවේදක දොරවල් සහ ස්වයංක්‍රීය බාධක එම සමාගමේ අනෙකුත් නිෂ්පාදන අතර වේ. බල ශක්ති ක්ෂේත්‍රයේ වර්තමාන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් තිරසාර බල ශක්තිය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති එම සමාගම ඔන්-ග්‍රිඩ්, ඕෆ්-ග්‍රිඩ්, හයිබ්‍රිඩ් යන වර්ග තුනට අයත් සූර්ය බල ශක්ති පද්ධති ස්ථාපනය කිරීමේ සේවාද සපයයි.



අදහස් (0)

ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් සමාගමට SLIA විශිෂ්ටතා සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2036 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site