IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


තීරු බදු අඩු කරගැනීමත් සමග දිගුකාලීන වෙළෙඳ අවස්ථා ඇති කරගැනීමත් වැදගත් - ලංකා වාණිජ මණ්ඩලය


භානුක අමරසිංහ 


ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සිදු කරන අපනයන සඳහා පනවා තිබූ අන්‍යෝන්‍ය බදු අනුපාතය සියයට 30 සිට සියයට 20ක් දක්වා තවදුරටත් අඩු කරගැනීම සඳහා රජය සහ එම සාකච්ඡා සඳහා සහභාගි වූ කණ්ඩායම ඇමෙරිකා එක්සත් ජනපදයත් සමගින් සිදු කළ ආසන්න සාකච්ඡාවල සාර්ථක ප්‍රතිඵල සම්බන්ධයෙන් සතුටට පත් වන බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි. 

එහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, “මෙම අවස්ථාව ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර තිරසාර සම්බන්ධතාව සහ උපායමාර්ගික ප්‍රජාතාන්ත්‍රිකත්වය පිළිබඳ දියුණුව ඉතාමත් හොඳින් පෙන්නුම් කරන අවස්ථාවක්. ඒ නිසා මෙම ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අපගේ අපනයන වෙත ඇමෙරිකා එක්සත් ජනපදය වෙත වඩාත් දිගුකාලීන ස්ථාවර සහ තරගකාරී වෙළෙඳපොළ ප්‍රවේශයක් සුරක්ෂිත කිරීම සඳහා වන කටයුතු සිදු කිරීම වැදගත්.“ යනුවෙන් පවසා සිටියි.

“මෙම සාකච්ඡා සඳහා සම්බන්ධ වූ නිලධාරීන්ගේ ක්‍රියාකාරී සහ උපායමාර්ගික උත්සාහය සම්බන්ධයෙන් අපි ඉතාමත් අගය කරනවා.

ඔවුන් එක්සත් ජනපද රජය සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමගින් සම්බන්ධ වෙමින් මෙම ධනාත්මක ප්‍රතිඵලය හිමි කරගැනීමට සමත්ව තිබෙනවා.“ 

එසේම ශ්‍රී ලංකාවේ ආර්ථික යථාවත්වීම තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක වන අවස්ථාවේදී, තවදුරටත් පවතින තීරු-බදු නොවන බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් සහ ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන සම්බන්ධයෙන් පවතින හැකියාවන් වර්ධනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් එම මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි.  

එහිදී අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පිළිබඳව අවධානය යොමු කරමින් වාණිජ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට තීරණාත්මක වනු ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.  

“ඒ අතරතුරදීම ශ්‍රී ලංකාව සිය අපනයන නිෂ්පාදන කළඹ විවිධාංගීකරණය කිරීමට සහ උපායමාර්ගික වෙළෙඳ ගිවිසුම් හරහා වෙළෙඳපොළ ප්‍රවේශය  තවදුරටත් පුළුල් කරගැනීමට කටයුතු කළ යුතුව තිබෙනවා.“ යනුවෙන් එම මණ්ඩලය පවසයි. 


එසේම පෞද්ගලික අංශයේ ප්‍රමුඛතාවන්හි පැහැදිලි නියෝජනය ලෙස ලංකා වාණිජ මණ්ඩලය ඉදිරියටත් ප්‍රායෝගික මැදිහත්වීම් සහ කර්මාන්තය පිළිබඳව දැනුවත් බව ලබා දෙමින් රජය සමගින් කටයුතු කරන බවත් අවධාරණය කර සිටියි. 



අදහස් (0)

තීරු බදු අඩු කරගැනීමත් සමග දිගුකාලීන වෙළෙඳ අවස්ථා ඇති කරගැනීමත් වැදගත් - ලංකා වාණිජ මණ්ඩලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1903 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 533 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site