නිමල කොඩිතුවක්කු
තීරණාත්මක ජාතික තොරතුරු යටිතල පහසුකම් පවත්වා ගෙන යන රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රාජ්‍ය ආයතන සහ මූල්‍ය ආයතන ඉලක්ක කරගෙන එල්ල වන සයිබර් ප්‍රහාර හේතුවෙන් එම ආයතන මගින් සපයනු ලබන අත්‍යවශ්‍ය සේවාවලට බාධා ඇති වීමේ අවදානමක් පවතින බැවින් මෙම තිරණය ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම, පෞද්ගලික හා සංවේදී දත්ත වෙනත් පාර්ශ්ව අතට පත් වීම, පුරවැසියන්ගේ පෞද්ගලික ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, ආර්ථික ස්ථාවරත්වය, මහජන සෞඛ්‍යය සහ සමාජයේ යහපැවැත්ම සඳහා මෙන්ම, රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මහජනයා තුළ පවතින විශ්වාසය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබයි.
එබැවින්, මෙවැනි තර්ජන සහ අවදානම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවා ඇත.
ජාතික සයිබර් තාක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් සයිබර් තර්ජන දවසේ පැය 24 පුරා අඛණ්ඩව නිරීක්ෂණය කිරීම, හඳුනා ගැනීම සහ ප්‍රතිචාර දැක්වීම මෙන්ම ඕනෑම ආකාරයක අනිෂ්ඨ මෘදුකාංග මගින් සිදුවන හානි හා අනවසර පිවිසුම් හඳුනාගෙන අනතුරු ඇගවීම යන පහසුකම් ලබා දීම සිදු කරනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තීරණාත්මක ජාතික තොරතුරු රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ කෙරේ