ගනුදෙනු ආරම්භයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ ක්‍රියාකාරීත්වයේ වර්ධනයකට අවස්ථාව තිබෙන බවක් පෙන්වන ලද නමුත් කෙටි කාලයකට පසු තරමක් සීමාවීම ඊයේ නිරීක්ෂණය කළ හැකි විය. ලාබ සහිතව විකිණීම සඳහා දරන ලද ප්‍රයත්නය එයට බලපෑ බව පෙනේ. ඉකුත් සතියේ අවසානය වන විට විදේශ මිල දී ගැනීම් වර්ධනය වන බවක් පෙන්වන ලද අතර මෙම සතිය තුළ තෝරාගත් සමාගම්වල ආයෝජනය වෙනුවෙන් විදේශික ගනුදෙනුකරුවන් ඉදිරිපත්වීමට ඉඩ තිබේ. එවැනි ප්‍රවණතාවක් තුළ වර්ධනයක් අපේක්ෂා කළ හැක. මේ අතර ඒෂියා ඇසෙස්ට් කොටසක් සඳහා රුපියල් තිස් හයක ලාභාංශ ප්‍රකාශයට පත් කොට තිබේ.
අද දිනයේ ද ගනුදෙනු ලිහිල් භාවයක් සහිතව පවතිනු ඇත. බැංකු හා මුල්‍ය, වැවිලි සමාගම් සහ තෝරාගත් ඉසුරුමත් සමාගම්වල කොටස් මිල දී ගැනීමේ උනන්දුවක් පැවැතිය හැකිය.
ඊයේ (මැයි 19) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,397.68 ක් වූ අතර එය දර්ශක 18.29 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,835.04 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 14.37 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 18,926 ක් වාර්තා වූ අතර සමාගම් 118 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 111 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 2,609.97 කි.
කොමර්ෂල් බැංකුව රු. මිලියන 113 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිං රු. මිලියන 113 ක්, සම්පත් රු. මිලියන 88 ක, සී. අයි.සී. නිශ්ඡන්ද රු. මිලියන 86 ක, රෝයල් සෙරමික් රු. මිලියන 78 ක, වැලිබල් වන් රු. මිලියන 68 ක, සිංගර් ෆිනෑන්ස් රු. මිලියන 49 ක, ලංකෙම් ඩිවෙලොප්මන් රු. මිලියන 46 ක, ආගරපතන වැවිලි රු. මිලියන 46 ක, ස්වස්තික් රු. මිලියන 45 ක, සෙරන්ඩිබ් හොටෙල් රු. මිලියන 43 ක, පෑන් ඒෂියා බැංකුව රු. මිලියන 39 ක, සහ පීපල්ස් ලීසිං රු. මිලියන 38 ක වශයෙන් කොටස් වැඩිම
ප්‍රමාණයකින් හුවමාරු වූ අවස්ථා වශයෙන් දැක්වේ.
නිරීක්ෂක
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තරඟකාරී විකිණීම් වෙළඳපොළ වර්ධනය සීමා කරයි