IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ණය අනුපාතිකය අංක 25කින් අඩු කරයි

හර්ෂණ තුෂාර සිල්වා
 
මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීමට සුදුසු කාලය පැමිණ ඇති බව හැඟී ගිය හෙයින් ඉහළ සීමාවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද  (4) ප්‍රකාශ කළේය. 

 
දීර්ඝ කාලයක් මූල්‍ය ප්‍රතිපත්ති දැඩිව පවත්වාගෙන යෑම් ක්‍රමවේදයක් පවත්වාගෙන පැමිණි බවත් මේ වනවිට ලිහිල් කිරීමට දැන් කාලය උදා වී ඇති බැවින් එම තීරණය ගත් බව මහ බැංකු අධිපතිවරයා කීවේය.
 
මේ වසරේ දෙවැනි මූල්‍ය ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ ශ්‍රවණාගාරයේ අද (4) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා එම කරුණු කීවේය. 
 
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය අප්‍රේල් 3 වැනිදා රැස් වී පොළී අනුපාත තීරණ ගෙන තිබිණි.
 
ඒ අනුව ශ්‍රී ලංක මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික කොරිඩෝවේ ඉහළ සීමාව වන නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කර තිබේ. 
 
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 7.25ක්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 8.50ක් සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 7.50ක් ලෙසත් නොවෙනස්ව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. 
 
උද්ධමනයේ සහ උද්ධමන අපේක්ෂාවල හිතකර වර්ධන තත්ත්ව, ආර්ථිකයට ළඟා විය හැකි උපරිම වර්ධන මට්ටම සහ පවත්නා වර්ධන මට්ටම අතර පරතරය පුළුල් කිරීමට හේතු වූ සාපේක්ෂව අඩු මූර්ත දළ දේශීය නිෂ්පාදිත වර්ධනය පිළිබඳ අවධානය යොමු කරමින් ඉහත තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. 
 
පසුගිය වසරේදී ආර්ථිකයේ වර්ධන ක්‍රියාකාරීත්වය සාපේක්ෂව අඩු මට්ටමක පැවැතීම, ආහාර උද්ධමනය අඛණ්ඩව අඩුවීම, මේ වසරේ මාර්තු මාසයේදී මතුපිට උද්ධමනය තවදුරටත් මන්දගාමී වීම යනාදි සාර්ව ආර්ථික වර්ධන ද හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
 
මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගය මන්දගාමීව පවතින කෙටිකාලීන වර්ධන අපේක්ෂා වැඩි දියුණු කිරීම සඳහා සහාය වනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. 



අදහස් (2)

ණය අනුපාතිකය අංක 25කින් අඩු කරයි

ලුම්බිණි Friday, 06 April 2018 12:47 AM

මම හිතනවා මේක හරි තීරණයක් කියල.

:       0       10

BamunuarachchiTuesday, 17 April 2018 03:17 AM

ටිකක් විස්තරකර කියන්න මේ කෘතිමව අඩුකරන්න යාමේ ප්‍රතිඵල ටිකක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6133 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 316 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 346 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1278 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site