ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගම නිෂ්පාදන සංවර්ධන හා තාක්ෂණ ක්ෂේත්‍රය තුළ දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට පසුගියදා සමත්විය. එනම් ෂෙව්රොන් ලුබ්රිකන්ස් හි ඩෙලෝ (delo) ලිහිසි තෙල්, අධි බල ඩීසල් එන්ජින් ධාරිතාවක් සහිත වාහන සඳහා එක් ලිහිසි තෙල් යෙදුම් වාරයකින් කි.මී. 30,000ක ධාවන දුර ප්‍රමාණයක් ළඟාකර ගැනීමට සමත්වීමත් සමගය.
ප්‍රමුඛතම භාණ්ඩ ප්‍රවාහන සේවා ආයතන වන Freight Link සහ Auto Ezone සම්බන්ධ කරගනිමින් 2020 වර්ෂයේ දී ශ්‍රී ලංකාව තුළ මෙම පර්යේෂණ අත්හදා බැලීම සිදුකරන ලදී. එනම්, ඩෙලෝ ලිහිසි තෙල් යෙදූ වාහන සති දෙකකට වරක් පරීක්ෂා කරමින්, එම පර්යේෂණ සාම්පල සිංගප්පූරුවේ පර්යේෂණාගාරයක් හරහා තහවුරු කරගත් අතර, එහිදී සිදු කරන ලද පරීක්ෂණ වාර දෙකකදීම එක් ලිහිසි තෙල් යෙදුම් වාරයකින් කි.මී. 30,000ක ධාවන දුර ප්‍රමාණයක් ලබාගත හැකි බව පෙනීගොස් තිබේ. එන්ජින් කොටස් සඳහා ආරක්ෂාව සැලසීමේ අරමුණින්, ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුත් අතිරේක යෙදුම් පවා එක් කළ උසස්ම තත්ත්වයේ ලිහිසි තෙල් රැගත් නිෂ්පාදන මෙසේ ඩෙලෝ සන්නාමය යටතේ හඳුන්වා දී ඇති අතර, එම නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ දී ISOSYN තාක්ෂණය ද භාවිත කර තිබේ. ඒ හරහා එක් ලිහිසි තෙල් යෙදුම් වාරයකින් කි.මී. 30,000ක ධාවන දුර ප්‍රමාණයක් ලබාදී ඇත්තේ, එන්ජිමට වැඩි ආරක්ෂාවක්, විශ්වාසයක්, කල්පැවැත්මක් සහ ඉතිරියක් ද එක් කරමිනි.
මෙම තාක්ෂණික වැඩිදියුණු කිරීමත් සමඟ සියයට 17ක් දක්වා ප්‍රතිශතයකින් වාහන නඩත්තු, සේවා සහ මෙහෙයුම් පිරිවැය අවම කරගැනීමට ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් ආයතනවලට අවස්ථාව සැලසී තිබේ.
“අපි සෑම විටම අපගේ පාරිභෝගිකයන්ට හොඳම නිෂ්පාදන පිරිනමමින්, ඔවුන්ට තම වාහන ආරක්ෂා කරගැනීමටත්, ඒ හරහා උපරිම ප්‍රතිලාභ ලබාගැනීමටත් අවකාශ සලසා දීමට කටයුතු කරනවා. එහිදී විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම්කරුවන්ට ඇති ප්‍රශ්න පිළිබඳව අපි හොඳින් දැනුවත්. එනිසාම එම ගැටලු විසඳීම සඳහා අපි දැඩි ප්‍රයත්නයක් යොදා තිබෙනවා. මෙම කර්මාන්තය වෙනුවෙන් සහාය දැක්වීමට සම්පූර්ණයෙන්ම කැපවෙමින් භාණ්ඩ ප්‍රවාහන සේවා කර්මාන්තයට අංගසම්පූර්ණ විසඳුම් සම්පාදකයකු ලෙස ක්‍රියා කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ අඛණ්ඩ සේවා, නිසි පුහුණු අවස්ථා මෙන්ම ක්ලවුඩ් පදනම් කරගත් ලොජිස්ටික් සේවා සපයමින් එම කර්මාන්තය ඉහළට ඔසවා තැබීම අපේ අභිලාෂයයි” යනුවෙන් ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී නජාම් ෂම්සුදීන් මහතා පැවසීය.
ඩෙලෝ හඳුන්වාදෙන තාක්ෂණික වැඩිදියුණු කිරීම්වල තවත් පියවරක් වශයෙන්, ඩෙලෝ නිෂ්පාදන භාවිතයෙන් ලබාගත හැකි පිරිවැය ප්‍රතිලාභය ගණනය කිරීමේ උපාංගයක් ද හඳුන්වා දී ඇත. https://chevron.lk/ delo-benifit-calculator/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පිරිවැය ප්‍රතිලාභ ගණන පහසුකමට පිවිසිය හැක.
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය (ppp) සම්බන්ධව නව පනතක් ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 අයවැය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ(17)
ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය ඊයේ (17) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර මෙවර සමස්ත අයවැය හිඟය රුප
මෙම වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
වී ගොවිතැන ආරක්ෂා කිරීමට මෙවර අයවැයෙන් තීන්දු රැසක් ගෙන ඇති බවත් 2024 - 2025 මහ කන්නයේ සිට ප්‍රමාණවත් වී තොග පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා ප්
කොටුව දුම්රිය ස්ථානයත් කොළඹ වරායට මැදිව අතීතයේ සුන්දර මල්වත්තක් වුණු අද මහ වීදිය දක්වා විහිදෙන මල්වත්ත පාර අද වන විට සපත්තු හා බෑග් වෙළෙඳාමට නම් දැරූ
2025 වසර සඳහා අයවැය යෝජනා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා ඊයේ (පෙබ. 17) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය රටක පැවැත්ම ඉදිරි පැ
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ඩෙලෝ එක් තෙල් මාරුවකින් කි.මී. 30,000ක්